31. ආත්මය පුහුණු කිරීමේ ශිල්ප ක්‍රමය

37 15 13
                                    

ලින්ග් ෂිආඕ සිය මායා ගුලිය ආහාරයට ගැනීම පිළිබඳව ඔහු බොහෝ සෙයින් කෝප වුවද, එය පැවතුණේ සුළු වේලාවකට පමණි. ඔහු එම මායා ගුලිය නිස්සාරණය කිරීමට සමත්වූ හෙයින් ඔහුට තවත් මායා ගුලියක් නිස්සාරණය කිරීමට හැකි වනු ඇත. කණගාටුවට කරුණ නම්, එය අන් මායා ගුලිවලින් වෙනස් වූයේ කෙසේ දැයි ඔහුට දැකීමට නොහැකි වීමයි.

එදින මුළු සවස් කාලය පුරාවටම යූ ෂිආඕ මෝ ඔහු මායා ශාක ශාලාවෙන් ලබාගත් මායා ශාක දඬු තුන්සියයම නිස්සාරණය කළේය. ඔහු එක් මිනිත්තුවක් හෝ අපතේ හැරියේ නැත. ඔහුගේ වේගය පෙරට වඩා සැළකිය යුතු තරමින් වේගවත් විය. මෙම සාර්ථකත්වයට තුඩු දුන් වැදගත්ම හේතුව වූයේ ඔහු පළපුරුද්දෙන් ලබාගත් ප්‍රවීණතාවයි. නමුත් වඩාත්ම වැදගත් කාරණය වූයේ ඔහු ඒවායින් පණහක් එක් වරක් පමණක් පිරිපහදු කිරීමයි.

මින් පෙර, ඔහුට එක් මායා ගුලියක් නිස්සාරණය කිරීමට, තේ බඳුනකින් අඩක් සෑදීමට යන කාලය ගතවිය. මේ වන විට ඔහුට එම කාලය තුළ පළමු මට්ටමේ මායා ගුලි දෙකක් නිස්සාරණය කළ හැකිවිය. එබැවින් ඔහුට හෝරා දෙකකට අඩු කාලයක් තුළ මායා ගුලි පණහක් නිස්සාරණය කළ හැකි විය. කාලය මෙසේ විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් ඔහුට ඉතිරි වූ කාලය ලින්ග් ෂිආඕ අනුභව කළ මායා ගුලිය පිළිබඳව පරීක්ෂණයක් කිරීමට යොදාගත හැකි විය.

එම මායා ගුලිය පස්වරක් පිරිපහදු කර තිබූ අතර, එය ඔහු ඒ වන විට කළ වැඩිම වාර ගණනය. සාමාන්‍යයෙන් ඔහු කළ වැඩිම වාර ගණන හතරකට නොවැඩි වූ අතර, ඔහු පස් වරක් නිස්සාරණය කළ විට ඔහුට හැඟුණේ ඔහුගේ ආත්ම ශක්තිය මුළුමනින්ම භාවිතා වූ බවයි. ඔහුට එය අවසන් කළ හැකි වූයේ දැඩි අධිෂ්ඨානය නිසාවෙන්ම පමණි. එහි අවදානම කෙතරම් අඩු වී තිබුණේ දැයි ඔහු දැන ගැනීමට පෙර, ලින්ග් ෂිආඕ එය අනුභව කිරීම සැබෑම අපරාධයකි. එබැවින් ඔහුට කළ හැකි වූයේ එය පළමු මට්ටමේ මායා ගුලියක් පමණක් බව සිතා තම සිත සනසා ගැනීමට පමණි. ඔහුට තවත් මායා ගුලියක් නිස්සාරණය කිරීමට පසුව කාලය සොයාගත හැක.

"ෂිආඕ ශිදි" ඔහු සිතුවිල්ලේ නිමග්නව සිටියදී ලින්ග් ෂිආඕ එක්වරම ඔහු ඇමතුවේය. යූ ෂිආඕ මෝගේ ප්‍රතිචාරය ඉතාමත් මන්දගාමී විය. ලින්ග් ෂිආඕ තමා අමතන බව ඔහු වටහාගත්තේ සුළු මොහොතකට පසුවය. ඔහු සිය හිස ඔසවා සැකසහිත දෑසින් ඔහු දෙස බැලුවේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now