41. ඊර්ෂ්‍යාව

53 11 5
                                    

ඔහුගේ හඬ ඇසුණු සැණින් ඒ කවරෙක්දැයි යූ ෂිආඕ මෝ හඳුනාගත්තේය. ආපසු හැරුණු ඔහු සිව් දිනක් පිටවී සිටීමෙන් අනතුරුව ආපසු පැමිණි ලින්ග් ෂිආඕගේ හුරුපුරුදු රුව දුටුවේය. එමෙන්ම, බැලූබැල්මට, පෙනීයන්නේ ඔහු ආපසු පැමිණි විගස එහි පැමිණ ඇති බවයි. පෙනීයන්නේ ඔහුට මායා ගුලි සියය ලබාගන්නා තුරු ඉවසුම් නැති බවයි.

ඔහුගේ අප්‍රසාදයට පත් ස්වරය වටහා නොගත් යූ ෂිආඕ මෝ, ලින්ග් ෂිආඕ වෙත ගොස් සැහැල්ලුවෙන් මෙසේ විමසුවේය. "ලින්ග්-ශිශියොංග්, ඔබ අවසානයේදී ආපසු පැමිණියා. පසුගිය වර යමෙක් පැමිණ ඔබ රාජකාරියක් සඳහා පිටව යන බව මා හට පවසා සිටියා. එම තැනැත්තා ඔබේ කණිෂ්ඨ සිසුවා විය යුතුයි, නිවැරදිද?" මෙසේ පවසමින් සිය මල්ලෙන් කුඩා බෝතල් දෙකක් පිටතට ගත් ඔහු ඒවා භාරදීමට සූදානම් වන විටදීම, ෆැන්ග් චෙන් යුඅ ඔවුන් වෙත පැමිණියේය.

"ඔබ රණශූර අංශයේ ලින් ෂිආඕ ශිශියොංග් නොවේද? ඔබේ සුවදුක් කෙසේද? මා ෆැන්ග් චෙන් යුඅ. ඔබව හමුවීම සතුටක්."

ලින්ග් ෂිආඕ සන්සුන්ව සිය දෑස් සිහින් කළේය. ඔහුගේ පරීක්ෂාව යටතේ වුවද, ෆැන්ග් චෙන් යුඅ ඉතාමත් නිදහසේ සිනාසුණේය. සැබවින්ම මේ කිසිදු පීඩනයක් නොමැති විටය. ලින්ග් ෂිආඕ ඔහුගේ බලය පිටකළහොත්, ෆැන්ග් චෙන් යුඅලා සියයකට වුව එයට ඔරොත්තු දිය නොහැක.

තමා තවමත් ඔවුන් දෙදෙනා එකිනෙකාට හඳුන්වා නොදුන් බව යූ ෂිආඕ මෝ වටහාගත්තේය: "ලින්ග් ශිශියොන්ග්, මේ මගේ දා ශිශියොංග් ෆැන්ග් චෙන් යුඅ."

මඳ වේලාවක් නළල රැළිගන්වා ගෙන සිටීමෙන් අනතුරුව, ලින්ග් ෂිආඕ ඉතාමත් අව්‍යාජ බැල්මක් සමඟ, වසත් කල මාරුතයක් මෙන් මෙසේ පැවසීය. "ඔබට කෙසේද? මා බොහෝ කලක පටන් ෂිආඕ මෝ ශිදි ඔබ පිළිබඳව පවසනු අසා තිබෙනවා. ඔබව හමු වූ විට ඔබ ප්‍රධාන ශිඛරයේ ඉතාමත්ම කැපී පෙනෙන සිසුවකු බව පැහැදිලියි. මට අසන්නට ලැබුණා ඔබ මෙතරම් බාල වයසකදීම සිව්වන මට්ටමේ ඉන්ද්‍රජාලිකයෙකු වූ බව. කෙතරම් ප්‍රශංසනීයද!"

"එසේ නොවේ. ලින් ශිශියොංග් පමණ ඉක්මවා වර්ණනා කරනවා. රණශූර අංශයේ පළමු ස්ථානය ගත් දක්ෂයා. ඔබට ප්‍රශංසා කළ යුත්තේ මායි." ෆැන්ග් චෙන් යුඅ සිනාසෙමින් හිස සැලුවේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now