52. මහා සැලැස්ම

56 7 7
                                    

අසුරයන්ගේ ආගමනය හා නික්මීම ලොන්ග් ෂිආන්ග් මහද්වීපය තුළ බොහෝ පුවත් මැවීය. එම සිදුවීමට පසු යූ ෂිආඕ මෝ ප්‍රධාන ශිඛරය තුළ රැඳී සිටි හෙයින් පිටත සිදුවන්නේ මොනවාදැයි ඔහු එතරම් දැන සිටියේ නැත. නමුත් වෙනත් සිසුන් කිහිපදෙනෙකු එම කාරණය පිළිබඳ සාකච්ඡා කරනු ඔහුට අසන්නට ලැබුණි.

කටකතාවලට අනුව, සිදු වූ දෙයට පසු එහි වගකීම බාර ගන්නා ලෙසට ටියෑන් ෂින් නිකාය හා අනෙකුත් නිකායන් එකතු වී චින්ග් චන්ග් නිකායට බලපෑම් කර ඇත. කෙසේ හෝ වේවා ලුඕ ශාන් යනු, නිසැකවම චින්ග් චන්ග් නිකායේ නිකාය ප්‍රධානියාගේ බෑණනුවන්ය. එමෙන්ම ඔහුගේ පරිවර්තනය මිනිසුන් බොහෝ දෙනෙකු ඉදිරිපිටදී සිදුවිය. මෙම පරිවර්තනය සිදුවන විටදී ඔහුගේ මුහුණෙහි හැඩරුව බොහෝ සෙයින් වෙනස් නොවූ බැවින්, ලුඕ ශාන් ලෙස පෙනී සිටියේ වංචාකාරයකු බවට වූ කටකතා අසත්‍ය බව සහතික විය.

චින්ග් චන්ග් නිකායේ නිකාය ප්‍රධානියා වූ ලුඕ චෙන්ග් යුආන් ද (Luo ChengYuan) කිසිදා තමාගේම බෑණනුවන් සැබවින්ම අසුරයෙකු වේයැයි සිතුවේ නැත. නමුත් දීර්ඝ පරීක්ෂණයකට පසු විස්මිත රහසක් හෙළි විය.

ලුඕ චෙන්ග් යුආන්ගේ බාල සොයුරා වූ ලුඕ චෙන්ග් යුන් (Luo ChengYun), ලුඕ ශාන්ගේ පියාණන් විය. ඔහු තරුණ කල, නිරන්තරයෙන් පුහුණුවීමට හා අත්දැකීම් ලබාගැනීමට චින්ග් චන්ග් නිකාය හැර ගියේය. එකල ලුඕ චෙන්ග් යුන් කඩවසම්, වංශවත් හා ආකර්ෂණීය කුමාරයකු ලෙස හැඳින්විය හැකි විය. ඔහුගේ අගය කරන්නන් කොතෙක් වේදැයි කිවහොත්, ඔවුනට චින්ග් චන්ග් නිකායේ බල ප්‍රදේශය දෙවරක් වට කළ හැකි විය. නමුත් ලුඕ චෙන්ග් යුන් ඔවුන් පිළිබඳව එතරම් නොසිතුවේය.

කෙසේ වෙතත් පුහුණුවීමට නිකාය හැර ගොස් මාස හයක් ගතවීමටත් මත්තෙන්, ඔහුට ලුඕ ශාන්ගේ මෑණියන් හමුවිය. ලුඕ ශාන්ගේ මෑණියන් අඩ-අසුරයෙක් විය. එසේ හැඳින්වුණු අඩ-අසුරයන් වූයේ, අසුරයන් හා ධ්‍යානවේදීන්ගේ දරුවන්ය.

ඔවුන් තුළ තවමත් මිනිස් රුධිරය තිබූ බැවින්, මෙවැනි මිනිසුන් සාමාන්‍යයෙන් අඩ-අසුරයන් ලෙස හැඳින්විණි. ඔවුන් හා පූර්ණ-රුධිර අසුරයන් අතර වූ ප්‍රධානතම වෙනස නම්, අඩ-අසුරයන් මිනිසුන් ලෙසටම දිස්වීමත්, පිටතින් දිස්වන අසුර ගති ලක්ෂණයන්ගෙන් සහමුලින්ම තොරවීමත්ය.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now