39. ස්කයිලාර්ක් ශාලාවේ දේශනය

27 10 1
                                    

පසුදින, යූ ෂිආඕ මෝ උසස් මට්ටමේ ඉන්ද්‍රජාලිකයන් කිහිප දෙනෙක් මසකට වරක් දේශන පැවැත්වූ ස්කයිලාර්ක් ශාලාව (Skylark Hall) වෙත ගියේය. මෙම මස එය කොන්ග් වෙන්ගේ වාරය විය. පෙරදින පිටවී යෑමට පෙර මේ පිළිබඳව ඔහුට පැවසූ දා ශිශියොංග්, ඔහුට කුමන කාර්යයක් තිබුණද නොවරදවාම එහි යන ලෙස පවසා සිටියේය.

පෙර දිනයේ කොන්ග් වෙන් විසින් ඔහුව සිසුවෙකු ලෙස පිළිගනු ලැබුවද, මේ පිළිබඳව දැන සිටියේ කිහිප දෙනෙකු පමණි. එබැවින්, සාමාන්‍ය එක්රැස් වීමකට වඩා දෙතුන් ගුණයකට වැඩි පිරිසක් එක්වුණු සිය දේශනය භාවිතා කර, ප්‍රධාන ශිඛරයට යූ ෂිආඕ මෝව හඳුන්වාදීමට කොන්ග් වෙන් සැලසුම්කර තිබුණි.

ප්‍රමාද නොවනු පිණිස යූ ෂිආඕ මෝ වේලාසනින් පිටත් විය. මෙය ඔහු ස්කයිලාර්ක් ශාලාවට යන පළමු වර වූ බැවින්, ඔහුට නිරන්තරයෙන් මග ඇසීමට සිදු විය. ඔහු අන් සිසුන්ගෙන් වෙනස් වූ බැවින් මේ වනතුරු ප්‍රධාන ශිඛරයට ස්කයිලාර්ක් ශාලාවක් ඇති බව ඔහු දැන සිටියේ නැත. එබැවින්, ඔහු ස්කයිලාර්ක් ශාලාව වෙත ළං වන විට, අසුන් ගැනීමට භාවිතා කරන මුහුදු තෘණවලින් සෑදූ කොට්ට (seagrass cushions) සියල්ලම ඒ වනවිටත් පිරී ඇති බවක් දිස් විය. ඉතාමත් ඝන වූ හිස් සමුදායක් දක්නට හැකි වූ අතර තවමත් නියමිත කාලය එළඹ නොතිබූයෙන්, සෑමදෙනාම කතාබස් කරමින් සිටියහ. සියලුම මිමිණුම් එකට එක්වූ විට එය එළවළු අලෙවි කරනා පොළක් සේ දිස්විය.

පිවිසුම අසල සිට ඇතුළත බැලූ යූ ෂිආඕ මෝ, දා ශිශියොංග් සිටින්නේ කොහේදැයි බැලීමට උත්සාහ කළේය. ඒ වෙනුවට ඔහුට ඉදිරියේම සිටි අයෙකු සිටගෙන, ආපසු හැරී, ඔහු වෙත අත වනනු දැකගත හැකිවිය.

"ෂිආඕ ශිදි, මෙහි එන්න!"

ඔහු වෙත අත වනමින් සිටි තැනැත්තා වූයේ ෆැන්ග් චෙන් යුඅ ය. ඔහු මෙම ෂිආඕ ශිදි පැමිණෙන තුරු බොහෝ වේලාවක් බලා සිටියේය. අහම්බයකට මෙන්, ඔහු මෙම ෂිආඕ ශිදි චකිතයට පත් මුවකින් හා ගැට ගැසුණු දෙබැමකින් යුතුව, සිය ගෙල දිගු කරමින් හාත්පස බලනු දුටුවේය. ඔහුට එය හාස්‍යජනක බව නොසිතා සිටිය නොහැකි විය. මෙය ඔහු මෙහි පැමිණි පළමු වතාව බවත්, ඔහුට බොහෝ දුරට මෙහි අග මුල ගැටගසා ගත නොහැකි වනු ඇති බවත් දැන සිටි ඔහු, යූ ෂිආඕ මෝට අඬගැසීමට තීරණය කළේය. කෙසේ වුවද, ෆැන්ග් චෙන් යුඅගේ හඬ හමුවේ මුළු ස්කයිලාර්ක් ශාලාවම නිහඬ විය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now