33. උත්තේජක නිමේෂය

31 14 1
                                    

ඔහු මායා ශාක සිටුවන ලද්දේ දිනකට පෙර වුවද, විශ්මිත ලෙස ඒ සියල්ලම දළුලා තිබුණි. එපමණක්ම නොව, පළමු මට්ටමේ මායා ශාක, දෙවන හා තෙවන මට්ටම්වල මායා ශාකවලට වඩා වේගයෙන් වැඩෙමින් තිබුණි. සාරවත් පලා පැහැයේ අතරින් පතර දීප්තිමත් වර්ණ පොකුරු දැකගත හැකිවිය. සුගන්ධ ඵල ශාකය වැනි ඇතැම් ශාක ඵල දරා තිබුණි. ඒවා තවමත් ඉදී ඇති බවක් නොපෙනුණද, නිසැකවම එයට බොහෝ කලක් ගත නොවනු ඇත.

දෙවන මට්ටමේ හා තෙවන මට්ටමේ මායා ශාක පිළිබඳව පැවසුවහොත්, දෙවන මට්ටමේ මායා ශාක අංකුර අවස්ථාවේ පැවති අතර තෙවන මට්ටමේ මායා ශාක තරමක් මන්දගාමී වුවද, ඒ සියල්ලම පැළ වී තිබුණි. යූ ෂිආඕ මෝ තුෂ්නිම්භූත විය. ඔහු පෙර කිසිදා බෝග වගා කර නොතිබුණද, ඒවා මෙතරම් වේගයෙන් පැළ නොවනා බව ඔහු දැන සිටියේය. දිනක් තුළ දළු ලෑම සැබැවින්ම ඇදහිය නොහැකි දෙයකි.

බිම වැටුණු බෝතල් ඇහිඳීමටද නොනැවතී, යූ ෂිආඕ මෝ එක එල්ලේම එහි දිව ගියේය. එය ඔහුගේ මනසෙහි ඇඳුණු මායාවක් නොව, ඒ සියල්ල සැබැවින්ම දළුලා තිබුණි. නමුත් ඒවා තවමත් මෝරා නොතිබූ බැවින්, ඔහුට ඒවා උසස්ම තත්වයේ මායා ශාක දැයි පැවසිය නොහැකි විය.

යූ ෂිආඕ මෝ, ඔහු ඒවා සිට වූ අවස්ථාවේ සිදුකළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සිහිකළේය. බීජ වැපිරීමට අමතරව ඔහු ඒවාට විල්දිය යෙදුවේය. විල්දියෙහි බලපෑම පිළිබඳව සිතූ විට, මෙයට හේතුව එය බව යූ ෂිආඕ මෝට නිසැකය. විල්දියට ඔහුගේ ආත්ම ශක්තිය ප්‍රතිස්ථාපනය කළ හැකි වූ බැවින්, එයට මෙවැනි හැකියාවක් තිබීම එතරම් පුදුමයක් නොවීය. මේ පිළිබඳව සිතූ යූ ෂිආඕ මෝ දැඩි ලෙස උද්යෝගිමත් විය. විල් දියට මායා ශාක වර්ධනය වේගවත් කළ හැකි නම්, ඉන් අදහස් වන්නේ ඔහු වගා කරන මායා ශාක පිටත වැවෙන ඒවාට වඩා වේගයෙන් වැඩෙනු ඇති බවයි. ඒවා කුමන මට්ටමේ වුවද, ඔහුට මින්පසු අවැසි තරම් මායා ශාක නොතිබේයැයි වද වීමට අවැසි නැත.

යූ ෂිආඕ මෝගේ මුව උද්යෝගයෙන් දීප්තිමත් රත් පැහැයකට හැරුණි. ඉදිරියටත් පසුපසටත් ගමන් කළ ඔහු, අවසානයේ දී තමාව සන්සුන් කර ගත්තේය. බෝතල් පහ අසුලා ගැනීමට ආපසු ගිය ඔහු, ඒවා කට මට්ටම තෙක් පිරවූයේය. එය විසල් ප්‍රමාණයක් නොවුවද, ඔහුට සාමාන්‍යයෙන් අවැසි වූයේ එක් උගුරක් පමණි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now