47. රහස හෙළිවෙයි

24 6 7
                                    

හිස ඔසවා බැලූ යූ ෂිආඕ මෝ, ලින්ග් ෂිආඕ තමා දෙස බලා නළල  රැළිගන්වනු දුටුවේය. ඔහු යමක් පැවසීමට සැරසෙනා විටදීම මොරදුන් ටැන්ග් යුන්චි භීතියෙන් මුසපත්ව ඔවුන් වෙත දිව ආවාය.

ලින්ග් ෂිආඕගේ උරහිසට උඩින් බැලූ යූ ෂිආඕ මෝ, ලුඕ ශාන් නැගී සිටීමට වෙර දරනු දුටුවේය. මේ වන විට ඔහුගේ බාහිර පෙනුම පෙර ස්වරූපයට හාත්පසින්ම වෙනස් විය. මින් පෙර ඔහුගේ සම අඳුරු පඬු පැහැයකින් යුත් වූ නමුදු, මේ වන විට එය කාල වර්ණයට හුරු ධූසර පැහැ පටලයකින් වැසී තිබුණි. ඔහුගේ දසැඟිලි මත වූ නිය දසය අඟල් දෙකක් දිගුවූ අතර කාල වර්ණයෙන් දිස්විය. පෙරට වඩා මීටර භාගයකින් උස්වූ සිරුරෙහි මාංශ පේශීන් ඉලිප්පී ඔහුගේ වස්ත්‍ර ඉරා දමමින් පිටතට පැන තිබුණි. ලුඕ ශාන්ගේ පෙනුමට සිදු වූයේ කුමක්ද? මේ පැහැදිලිවම අසුරයෙකි!

යූ ෂිආඕ මෝ කිසිදා අසුරයන් පිළිබඳව අසා තිබුණේ නැත. එබැවින්, මිනිසුන් ලුඕ ශාන්ට අසුරයෙකු ලෙස ඇමතුවේ මන්දැයි ඔහු දැන සිටියේ නැත. එමෙන්ම ඔවුන් හැසිරුණේ යක්ෂයෙකු දෙස බලා සිටිනා ලෙසටය.

"ඔහුට සිදුවූයේ කුමක්ද?"ලින්ග් ෂිආඕගේ දෑත් තුළ සැඟවෙමින් යූ ෂිආඕ මෝ විමසුවේය.

ඔහුට ඒ වෙනුවෙන් කල හැකි යමක් නොවූ අතර, මෙතරම් අසරණ වීමට අවැසි නොවූවද, මේ වන විටත් ඔහුගේ දකුණු පාදය තුවාල වී තිබුණි. අවට වූ මිනිසුන් සියලු දෙනාම භීතියෙන් මුසපත් වී සිටියහ. ඔහු දිවගියහොත් බොහෝ දුරට ඔහුගේ අනෙක් පාදයද ඔවුනට පෑගී කැඩී යනු ඇත. කඳු පාමුලට ඇවිද ආ ඔහුට ගිලන් මැස්සකින් ආපසු යෑමට අවැසි නොවීය.

"අසුරයෙක්." ආපසු හැරුණු ලින්ග් ෂිආඕ ඔවුන් වෙතට පියමනින ලුඕ ශාන් දෙස බැලුවේය.

"මෙය සිදුවූයේ කෙසේද? ඔහු චින්ග් චන්ග් නිකායේ මිනිසකු නොවේද? ඔහු අසුරයකු බවට පත් වූයේ කෙසේද?"යූ ෂිආඕ මෝ සිය කේථය ගිල දමමින් ඇසීය.

"හෙහ්, ඔබට එය ඔහුගෙන් ඇසීමට සිදුවේවි." ලින්ග් ෂිආඕ මඳ සිනහවක් පෑවද, ඔහුගේ දෑසෙහි පිළිකුලක සේයාවක් මතු විය. පහත් ජීවීන් යනු නීච ප්‍රාණීන් වුවද ඔහු තමා ඉදිරිපිටදී ව්‍යාකූලත්වයේ ගිනිසිළු අවුළුවාලීමට තරම් නිර්භීත විය. තඹ පැහැගත් පියාසරන අසිපතක් ඔහුගේ හස්තයෙහි ප්‍රාදූර්භූත විය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now