45. රැවුල ඇති මිනිසා

46 9 8
                                    

මායා ගුලි ගනුදෙනුව කිසිදු ගැටළුවකින් තොරව සිදුවිය. එමෙන්ම මෙම බෝතල් පහේ මිලද පෙරට වඩා වැඩි විය. සාමාන්‍ය පළමු මට්ටමේ මායා ගුලියක ප්‍රතිඵලය ඉතා වැඩි අගයකින් ඉක්මවීම හේතුවෙන් එහි රසය විඳි ගැනුම්කරුවෝ කිහිප දෙනෙකුම තමන් ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමට කැමති බව දන්වා සිටියහ. ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ පළමු මට්ටමේ මායා ගුලි හිඟ නොවූවද, සත්‍ය වශයෙන්ම මහා විනාශයකට අතවනනා ගංවතුරක් මෙන් ඒවා සුලභ වූවද, මායා ගුලි අවැසි වූ අනන්තවූ රණශූරයෝද එහි සිටියහ. වඩාත් යහපත් වූ විකල්පයක් තිබේ නම් ඔවුන් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමට නොපැකිළුණහ.

කළමණාකරු පසුගියවර යූ ෂිආඕ මෝ ඔහුට විකිණූ මායා ගුලි යොදාගෙන සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගත් බැවින්, මේ වනවිට වෙළඳසැලෙහි ස්වරූපය සහමුලින්ම වෙනස් වී තිබුණි. නමුත්, යූ ෂිආඕ මෝ යළි පැමිණෙන්නේ කවදාදැයි දැන නොසිටි හෙයින්, ඔහු පූර්ව ඇණවුම් ලබා ගැනීමට තරම් දිරිමත් වූයේ නැත. ඔහු සිදුකළේ යළිත් ඒවා ලැබුණහොත් පළමුව ඔවුනට එය දන්වන බවට එකඟ වීම පමණි. මේ වනවිට, එහි වූයේ මායා ගුලි සියයක් පමණක් වුවද, කළමණාකරුට එය ප්‍රමාණවත් විය.

මායා ගුලිවල විකිණුම් මිල දෙගුණයක් වී තිබූ හෙයින්, කළමණාකරු කාරුණිකව යූ ෂිආඕ මෝට පෙරට වඩා ඉහළ මිලක් ලබා දුන්නේය. එවිට මෙම තරුණයා මායා ගුලි ඔහුටම පමණක් විකුණාවි, එසේ නොවේද? කළමණාකරු මෙම නිගමනයන්ට අනුව ක්‍රියා කළේය.

අවසානයේදී ඉන් වැඩි මුදලක් උපයා ගත හැකි වූ අතර, ඊට අමතරව වෙළඳසැලෙහි ප්‍රතිරූපයද ඉහළ නැංවෙනු ඇත. එසේ කිරීමට අවැසි නොවන්නේ කාහටද? මෙහි වූ එකම ගැටළුව වූයේ අවට වූ වෙළඳසැල්ද මායා ගුලිවල වගතුග සෙවීම ආරම්භ කර තිබීමය.

කළමණාකරු ඔහුට ලබාදුන් රත්‍රන් කැබලි දෙදහසද සමඟ යූ ෂිආඕ මෝ මුළුමනින්ම තෘප්තිමත්ව වෙළඳසැල හැර ගියේය. මෙවර මායා ගුලිවල මිල සියයට පණහකින් වැඩිවූයෙන්, එක් මායා ගුලියකට රන් කැබලි පහළොවක් බැගින් හිමි විය. මායා ගුලි සියයක් වෙනුවෙන් රන් කැබලි එක්දහස් පන්සියයක්. එයට පසුගිය වාරයෙන් ඉතිරි වූ මායා ගුලි දුසිම් කිහිපය එක් කළ විට, ඔහුගේ මුළු වත්කම ටියෑන් ෂින් නිකායේ සිසුන් බොහොමයකගේ වත්කම් ඉක්මවූයේය. පොහොසත් පසුබිම් සහිත සිසුන්ට පවා මෙතරම් මුදල් තිබුණේ නැත.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමOnde histórias criam vida. Descubra agora