38. නිත්‍ය සිසුවා

31 10 1
                                    

යූ ෂිආඕ මෝ, ෆැන්ග් චෙන් යුඅගේ පිටුපසින් ඇතුළු වූ අතර, ඔවුන් අංගනය හරහා ගමන් කරන විට ඔහු මායා ශාක පාත්ති කිහිපයක් දුටුවේය. සැබැවින්ම, මායා ඔසු උයන් තුළ මීට වඩා බොහෝ මායා ශාක තිබුණද යූ ෂිආඕ මෝ ඒවා දෙස බලා සිටියේ, එම පාත්ති තුළ වූ මායා ශාක සියල්ලම ඉහළ මට්ටම්වල මායා ශාක වූ බැවිනි.

මෙම ඉහළ මට්ටමේ මායා ශාක සයවන මට්ටමට වඩා ඉහළ ඒවා විය. ඔහු ඒවා පිළිබඳව මින් පෙර කියවා තිබූ බැවින් ඒවා හඳුනා ගත්තේය. සාමාන්‍යයෙන් මේවා අවැසි වන්නේ උසස් මට්ටමේ ඉන්ද්‍රජාලිකයන්ට පමණක් වූයේ පහළ මට්ටමේ හා මධ්‍යම මට්ටමේ ඉන්ද්‍රජාලිකයන් ඔවුන්ගේ හැකියාවෙන් සීමා වී තිබූ බැවිනි. ඔවුන් සතුව ඉහළම මට්ටමේ මායා ශාක තිබුණද ඔවුනට ඉන් කිසිදු මායා ගුලියක් නිස්සාරණය කිරීමට නොහැක. මෙම ඉහළම මට්ටමේ මායා ශාක පැවතියේ අංකුර අවස්ථාවේ වූ අතර ඒවා මේරීමට තව බොහෝ කලක් ගතවනු ඇත.

ඇතුළු වූ පසු, ෆැන්ග් චෙන් යුඅ ඔහුව කොන්ග් වෙන්ගේ කුටිය කරා ගෙන නොගිය අතර, ඒ වෙනුවට පිටුපස අංගනය වෙත ඇවිද ගියේය. පියවර කිහිපයකට පසු, නීල වර්ණයෙන් සැරසුණු රුවක් දක්නට හැකි විය. එම තැනැත්තා ඔවුනට පිටුපස හරවා මායා ශාක පාත්තියක් අසල ඇන තබාගෙන සිටියේය. ඔහු මායා ශාකයක් අතපත ගාමින් සිටිනා බවක් දිස් විය.

යූ ෂිආඕ මෝ මොහොතකට ගල් ගැසුණේය. මෙම තැනැත්තා කොන්ග් වෙන් වූ නමුත් ඔහුට පැහැදිලිවම ඔහුගේ කටහඬ මොහොතකට පෙර කුටිය තුළින් නැඟෙනු ඇසුණි.

"ශිෆු, මා ඔහු ගෙන ආවා." ෆැන්ග් චෙන් යුඅ ගෞරවපූර්වකව මැදි වියැති මිනිසාට පැවසුවේය.

මැදි වියෙහි මිනිසා සිය දෑත් පිස දමා නැගී සිටියේය. ආපසු හැරුණු ඔහු මෙසේ කීවේය. "චෙන් යුඅ, ගොස් ශිෆුට තේ බඳුනක් පිළියෙල කිරීමට උපකාර කරන්න. මට ඔබේ ෂිආඕ ශිදි හා සාකච්ඡා කිරීමට කරුණු කිහිපයක් තිබෙනවා."

සතුටින් එයට එකඟ වුණු ෆැන්ග් චෙන් යුඅ පිටවී යෑමට පෙර රහසින් යූ ෂිආඕ මෝ වෙත ඇසක් ඉඟිමරා, 'සුභ පැතුම්' යනුවෙන් තොල් මතුලේය. යූ ෂිආඕ මෝ ව්‍යාකූල විය. දා ශිශියොංග් ඔහුට සුබ පතන්නේ කුමටද?

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now