25. හාස්‍යජනක ඉරණම

43 16 4
                                    

උතුරු වීදියට යාබදව පිහිටි දකුණු වීදිය මායා ශාක සඳහා ප්‍රසිද්ධ වීදියකි. උතුරු වීදියට සෑම අතින්ම සමාන වූ එහි වූ එකම වෙනස නම් දකුණු වීදිය මායා ශාක විකිණීම සඳහා විශේෂිත වීමයි. හයවන මට්ටම දක්වා වූ සියලුම වර්ගවල මායා ශාක මෙහිදී ලබා ගත හැකි විය. වඩාත්ම වැදගත් කරුණ නම්, දකුණු වීදියේ මායා ශාක බීජ අලෙවි කරනා වෙළඳසැල්ද තිබීමය.

හයවන මට්ටම සහ ඊට පහළ මායා ශාක බීජ ලබා ගැනීමේ හැකියාවද, මායා ශාක හා සමාන විය. නමුත් මායා ශාක බීජ ප්‍රමාණය, විශේෂයෙන් ඉහළ මට්ටම්වල බීජ, මායා ශාක ප්‍රමාණයට වඩා අඩු විය. ඒ මට්ටම ඉහළ යනවාත් සමඟම බීජ මඟින් ශාක වගා කිරීමද අසීරු වූ බැවිනි. තවද, එම ශාක පරිණත වීමට ගත වූ කාලයද බොහෝ දිගු විය. එමනිසා, වගා කිරීම සඳහා මායා ශාක බීජ ලබාගත්තේ ඉන්ද්‍රජාලිකයන් ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තුන්වන මට්ටමේ සහ ඊට පහළ බීජ මිලදී ගනු ඇත. ඒ අයුරින් පවා බීජ මිලදී ගන්නා පිරිස ඉතා ස්වල්ප දෙනෙක් විය.

යූ ෂිආඕ මෝට මායා ශාක බීජ විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට අවශ්‍ය විය. බොහෝ විට, වඩාත්ම සම්පූර්ණ එකතුවක් විශාල මායා ශාක අලෙවිසැලකින් හමු වනු ඇත. නමුත් ඔහු එක්වරම එතුළට ගියේ නැත. ඔහු මායා ශාක බීජවල මිල දළ වශයෙන් තීරණය කරගැනීමට අවට විමසා බලා, අවසානයේදී විශාලතම මායා ශාක අලෙවිසැලවූ ඕකිඩ් මණ්ඩපය (Orchid Pavilion) තෝරාගත්තේය.

ඕකිඩ් මණ්ඩපයේ අලෙවිසැල ඉදිරිපස, දැව භාණ්ඩ අලෙවිසැලටත් වඩා විශාල වූයේ, මායා ශාක හා මායා ශාක බීජ වෙන වෙනම ප්‍රදර්ශනය කර තිබු බැවිනි. මායා ශාක බීජ මිලදී ගන්නා ගනුදෙනුකරුවන් ප්‍රමාණය අඩු විය. බීජ සඳහා වැඩි ඉඩක් අවැසි නොවූ නිසාවෙන්, මායා ශාක බීජ සඳහා වූයේ එක් කුඩා වෙළඳසැලකට හිමි ඉඩ ප්‍රමාණය පමණි. එතුළ අතරින් පතර ගනුදෙනුකරුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ තේරීම් කරමින් සිටියහ.

යූ ෂිආඕ මෝ එතුළට ගිය විට, සේවකයෙකු වහාම ඔහුට ආචාර කළේය. ඔහු එහි පැමිණියේ කුමක් සඳහාද යන්න පැහැදිලි කළ පසු, සේවකයා ඔහුව වහාම පළවන මට්ටමේ සිට තුන්වන මට්ටම දක්වා වූ මායා ශාක බීජ තිබූ ස්ථානය වෙත ගෙන ගියේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමHikayelerin yaşadığı yer. Şimdi keşfedin