4. දා ශිශියොංග් හා ෂිආඕ ශිමෙයි

51 12 0
                                    

ටියෑන් ෂින් නිකායේ පොත්ගුල ගංගා සියයක් පිළිගන්නා සාගරයක් 1 වැනිය. නැගෙනහිර හා බටහිර මණ්ඩපයන්හි පළමු මහල්වල පමණක් පොත් දස දහසකටත් වඩා තිබුණි. එහි පොත් ප්‍රදර්ශනය කර තිබුණේ යූ ෂිආඕ මෝ බලාපොරොත්තු වූ ආකාරයටමය. එහිවූ පොත් රාක්ක සිය ගණනක් තුළ සෑම වර්ගයකම පොත් පැහැදිලි නාමපුවරු මඟින් වර්ගීකරණය කර තිබුණි. ගැඹුරින් සුසුම් හෙලූ යූ ෂිආඕ මෝ සිය හිස සෙලෙව්වේය. ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ ඉතිහාසය ඉතා දීර්ඝ වූ නිසාවෙන්දෝ, ඔහු පසුකර ගිය රාක්ක කිහිපයක්ම විශාල පරතරයක් සහිත කාල සීමා අනුව වෙන්කර තිබුණි. ඇතැම් ඒවා අවුරුදු දස දහසක් පැරණි වූ අතර, ඇතැම් ඒවා අවුරුදු පන් දහසක් පැරණිය... ඉතා පැරණි ලොන්ග් ෂිආන්ග් මහද්වීපය පිළිබඳව යූ ෂිආඕ මෝට උනන්දුවක් නැත. ඔහුට තේරුම් ගැනීමට අවැසි වූයේ වර්තමාන ලොන්ග් ෂිආන්ග් මහද්වීපයයි. අවසාන පොත් රාක්කය වෙත ඇවිද ගිය යූ ෂිආඕ මෝ, අවසානයේදී එහි ඉහළින් වූ නාමපුවරුව දුටුවේය---- ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ භූගෝල විද්‍යාව!

ඇඟිලි තුඩින් සිටගත් යූ ෂිආඕ මෝ පොතක් වෙත අත දිගු කරනා විටදීම, ඔහුගේ අත යමක ගැටුණේය. එක්වරම දැනුණු විදුලි සැරයක් වැනි හැඟීමක් නිසාවෙන් ඔහු අත ඉක්මනින් ආපසු ඇදගත්තේ, භීතියෙන් කෑගසමිනි. මෙම බලාපොරොත්තු නොවූ අද්භූත සිදුවීම ඔහුව දැඩි භීතියකට පත් කළේය. කෙමෙන් සන්සුන් වූ ඔහු, තමා දැන් සිටින්නේ ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ බවත්, දිවි රැක ගැනීමට නම් මෙම අමුතු සිදුවීම්වලට හුරුවිය යුතු බවත් තමාටම සිහිකර දුන්නේය. තවදුරටත් මේ පිළිබඳව කල්පනා කළ යූ ෂිආඕ මෝ, ඔහුගේ ළය තුළින් මුද්‍රාවක් වැනි වස්තුවක් පිටතට ගත්තේය. ඒ පොත්ගුල මුර කරනා මහල්ලා ඔහු වෙත වීසිකළ වස්තුවයි.

කිසිවක් නොදත් යූ ෂිආඕ මෝ කළ හැකි අන් කිසිවක් නොමැති තැන මුද්‍රාව පොත් රාක්කය වෙත එසවූයේය. ඔහු සිතූ දෙය නිවැරදිය. අඳුරු කාල වර්ණ මුද්‍රාවෙන් එක්වරම ආලෝක කිරණක් විහිදුණු අතර, වාතයේ වෙනසක් සිදුවී තරංග කිහිපයක් විහිදුවමින් දෙපසට තල්ලුවී විවර විය. පරීක්ෂාකාරීව එම පෙදෙසට කිහිපවරක් තට්ටු කළ යූ ෂිආඕ මෝ, අවසානයේදී විදුලි සැර නොදැනෙනා විට, තමා සාර්ථක වූ බව වටහා ගත්තේය. යූ ෂිආඕ මෝ ඉක්මනින් පොත් රාක්කයෙන් පොතක් ගත්තේය. ඉන්පසු අච්චුවක ආධාරයෙන් ලබු කැටයක් සිත්තම් කරන්නා සේ 2, තවත් පොත් කිහිපයක් පිටතට ගත්තේය. ලොන්ග් ෂිආන්ග් මහද්වීපය පිළිබඳ සාමාන්‍ය දැනුම අඩංගු වූ එම පුස්තක ඔහු කියවීම සඳහා රැගෙන ගියේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමحيث تعيش القصص. اكتشف الآن