49. ඔබේ වස්ත්‍ර උනා දමන්න

27 6 6
                                    

තමා නීලවර්ණ කඳුළු බිඳුව සොයාගත් ආකාරය යූ ෂිආඕ මෝ විස්තර සහිතව පැහැදිලි කළේය. කෙසේ හෝ මේ වන විට ලින්ග් ෂිආඕ ඉදිරිපිටදී ඔහුගේ විශාලතම රහස හෙළි වී හමාරය. ඔහු එය පැවසුවද නොපැවසුවද එහි වෙනසක් නොවූයෙන් ආරම්භයේ සිට අවසානය තෙක් සියල්ලම පැවසීම යහපත්ය.

සැබවින්ම එම කාර්යය කිසිසේත්ම සංකීර්ණ නොවූයේ, ඔහුද එම නීල වර්ණ කඳුළු බිඳුව සිය ළය මත ප්‍රාදූර්භූත වූයේ කෙසේ දැයි දැන නොසිටි බැවිනි. විල් දියෙහි මායාකාරී ස්වභාවය පිළිබඳව ඔහු ඒ තරම් වත් දැන සිටියේ නැත. එබැවින්, ඔහු වදන් කිහිපයකින් පැහැදිලි කිරීම නිම කළේය. කතා කිරීමෙන් අනතුරුව යූ ෂිආඕ මෝ රහසින් ලින්ග් ෂිආඕගේ මුව දෙස බැලුවේය. එහි කිසිදු වෙනසක් වූයේ නැත...

"ඔබ අදහස් කරන්නේ එම කඳුළු බිඳුව ඔබ ස්නානය කරන විට එක් වරම මතු වූ බවද? එසේනම් මින් පෙර ස්නානය කරන විටදී එය මතු වූයේ නැතිද?"

ශ්‍රේෂ්ඨ ලින්ග් ෂිආඕ පහසුවෙන් මුලා වන්නේ නැත. එක එල්ලේම ඔහු යූ ෂිආඕ මෝගේ දුර්වල ස්ථානය කෙරේ අවධානය යොමු කළේය. ඔහු පවා මෙම පැනයට පිළිතුර දැන සිටියේ නැත. සැබවින්ම, නීල වර්ණ කඳුළු බිඳුව සිය ළය මත මතු වූයේ තමා ස්නානය කරන විටදී ද යන්න යූ ෂිආඕ මෝ පවා නිසැකව දැන නොසිටියේ, ඒ වනවිට, ඔහු මෙලොවට පැමිණි විගස වූ බැවින්, සියල්ලම ව්‍යාකූල වූ බැවිනි. සැබැවින්ම, කිසිදු හේතුවකින් තොරව සිය ළය මත උපන් ලප හෝ වෙනත් කිසිවක් තිබේදැයි බැලීමට ඔහු සැණෙකින් සිය වස්ත්‍ර ඉවත් කරන්නේ නැත. එබැවින් එහි සම්භාවිතාවන් දෙකක් විය. පළමුවැන්න පැරණි යූ ෂිආඕ මෝ මිය යාමට ප්‍රථම නීල වර්ණ කඳුළු බිඳුව එහි තිබීමයි, දෙවැන්න වූයේ ඔහු මෙහි පැමිණි පසු පමණක් එය මතු වීමයි.

නමුත් සිය ආත්මය මෙහි පැමිණීම යූ ෂිආඕ මෝ සතුවූ විශාලතම රහසයි. ලින්ග් ෂිආඕට නීල වර්ණ කඳුළු බිඳුව පිළිබඳව සොයා ගැනීමට ඉඩ දීමට යූ ෂිආඕ මෝට හැකි වුවද, මෙය, ඔහුට පැවසිය නොහැකි විය. හේතුව වූයේ මෙතරම් වැදගත් රහසක් ඔහු හා බෙදා ගැනීමට තරම් ඔහු හා ලින්ග් ෂිආඕ සමීපවී නොතිබීමයි.

"ඒ කුමක්දැයි මා ද දන්නේ නැහැ. මා දන්නේ එය හදිසියේම ඒ දිනයේදී මතුවූ බවයි. එය හා ස්නානය අතර සම්බන්ධයක් නොතිබෙනවා විය හැකියි." යූ ෂිආඕ මෝ සතුව චරිත ලක්ෂණයක් විය. ඔහුට යමක් පැවසීමට අවැසි නොවූයේ නම්, යමෙකු ඔහුට මරණය තෙක් පහර දුන්නද, ඔහු කිසිසේත් එය පවසන්නේ නැත. තමාව අසුවන ලෙසට ඔහු එය පැහැදිලිව පවසන්නේ ද නැත. එබැවින් ඔහු සාමාන්‍යයෙන් අපැහැදිලි කරුණු ඉදිරිපත් කරන්නේය. ඔහුව හඳුනා ගත් පසු යමෙකු මෙම පුරුද්ද වටහා ගනු ඇත.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now