51. පූ චන් ශිෂු

21 6 1
                                    

මානය පිළිබඳව මෙම සියලුම ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව, යූ ෂිආඕ මෝගේ සිතට වද දුන් තවත් කරුණක් විය. එයද මානයට සම්බන්ධ විය. ලින්ග් ෂිආඕ පැවසූ ආකාරයටම, මෙම නීල වර්ණ කඳුළු බිඳුව ඉතාමත් වටිනා වස්තුවක් විය. ටියෑන් ෂින් නිකාය පවා ඒ පිළිබඳව උනන්දු වනු ඇත. එබැවින් ලින්ග් ෂිආඕ කෙරෙන් මේ කෙරෙහි කුඩා හෝ ප්‍රතිචාරයක් නොවන්නේ මන්ද? සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී ඔහු තමා මරා දමා එය උදුරාගත යුතු නොවේද? මෙවැනි සිතුවිලි තමාට අවාසිදායක වුවද යූ ෂිආඕ මෝට එසේ සිතා නොසිටිය නොහැකි විය.

නමුත් ඔවුන් දෙදෙනා මානය හැර යන මොහොත එළඹෙන තුරුම ලින්ග් ෂිආඕ එම කරුණ ඉස්මතු කළේ නැත. මෙය අවසානයේදී ඔහුට තරමක සහනයක් ගෙන දුන්නේය.

තවමත් පිටත බොහෝ දෑ සිදුවෙමින් තිබූ බැවින් ඔවුනට බොහෝ වේලාවක් මානය තුළ සිටිය නොහැකි විය. ලින්ග් ෂිආඕ සුළි සුළං අතහැර මානය තුළ වූ වල්පැළ සියල්ලම උදුරා දැරීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා කුටිය හැර ගියහ. අවධානයට ලක් නොවනු පිණිස යූ ෂිආඕ මෝ සිය තුවාල වූ පාදය සුව කිරීමට ආත්මීය ජලය භාවිතා කළේ නැත.

ඔවුන් දෙදෙනා පිටවී බොහෝ වේලාවක් ගතවීමට මත්තෙන්, ටියැන් ෂින් නිකායේ විශාල පිරිසක් එහි පැමිණියහ. ඔවුහු රණශූර අංශයේ සිසුන් වූහ. නායකයා කළු සහ සුදු මිශ්‍ර රැවුලකින් හා කේෂ කලාපයකින් යුත් වූ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු තරුණයකු නොවනා බව දිස් වුවද, ඔහුගේ දෑස් නිරන්තරයෙන් දිස්න දුන්නේය. මෙම තැනැත්තා ලින් ෂිආඕගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ පූ චන් ශිෂු (Pu Chan Shisu) විය. ඔහු නිකාය ප්‍රධානියාගේ ශිදීද විය. ඉතාමත් කෛරාටික වූ ඔහු දරුණු තැනැත්තකු ලෙසට කුප්‍රකට විය.

ආපසු ගිය වහා ටැන්ග් යුන්චි ඉතාමත් ඉක්මනින් සිය පියාණන් දැනුවත් කර ඇති බවක් පෙනුණි.

ටැන්ග් ෆන් මෙම අසුරයන් පිළිබඳ කාරණය ඉතාමත් බැරෑරුම්ව සැලකුවේය. එමෙන්ම එය හේ පින්ග් නුවර මතුවිය. ටියෑන් ෂින් නිකායේ සිසුන් නිවාඩු ලබාගත් විට බොහෝ දුරට යන්නේ හේ පින්ග් නුවරටය. එබැවින් සිසුන්ගේ ආරක්ෂාව සැලසීමට මෙම කරුණ බරපතලව සැලකිය යුතුය. ඔහු වහාම සිය විශ්වාසදායි යටත් වැසියෙකු එහි පිටත් කර හැරියේ එබැවිනි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමUnde poveștirile trăiesc. Descoperă acum