48. ආත්මීය ජල මානය

27 6 7
                                    

"මා මා මාගේ... රෝස පැහැති මුව, එයට මෙය හා ඇති සම්බන්ධය කුමක්ද?" යූ ෂිආඕ මෝ ගොතගැසුවේ ඔහුගේ කොපුලට එල්ල වූ හදිසි ප්‍රහාරය ඔහුව බිය ගැන්වූ බැවිනි.

ලින්ග් ෂිආඕ සෘජුව අසුන් ගත්තේය. ඔහුගේ බියපත් මුව දුටු විට පවා තමා නුසුදුසු යමක් කළ බවක් ඔහුට හැඟුණේ නැත. ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් බැලූ ඔහු මෙසේ පැවසීය. "දින සතරක් හුදෙකලා ධ්‍යාන වැඩීමෙන් අනතුරුව, මරණාසන්න ලෙසින් දිස් නොවී පිටතට පැමිණෙන්නේ කුමන ඉන්ද්‍රජාලිකයාද? උසස්ම මට්ටමේ ඉන්ද්‍රජාලිකයෙකු නොවේ නම් එය විය හැකිද. ඔබගේ මට්ටමේ කුමන ඉන්ද්‍රජාලිකයාද යහපත් සෞඛ්‍යයෙන් දිදුලන මුවකින් යුතුව පිටතට පැමිණෙන්නේ."

යූ ෂිආඕ මෝ එසැණින් සිය කොපුල පිරිමැද්දේය. ඔහු සැබවින්ම මෙම කරුණට අවධානයක් නොදුන්නේ, ඔහු සාමාන්‍යයෙන් අනෙකුන් හා එක්ව පුහුණු නොවූ බැවිනි. එබැවින්, ඔහුට එය සැසඳීමට මගක් නොවූ අතර, ඔහුගේ තත්ත්වය සාමාන්‍යද අසාමාන්‍යද යන වග ඔහු දැන සිටියේ නැත.

ලින්ග් ෂිආඕ මෙම කරුණ ඉස්මතු කළ පසු, ඔහු අවසානයේ දී එය වටහා ගත්තේය. ඔහු සෑම දිනකම හැකිතරම් අවධානයට ලක් නොවී සිටීමට උත්සාහ දැරුවද, ඔහුගේ ක්‍රියාවන් සැබැවින්ම කෙතරම් කැපී පෙනුණේ දැයි කිවහොත්, එයට තවත් වැඩි අවධානයක් කරා යා නොහැකි විය. දිනකට මායා ගුලි සියයකටත් වඩා නිස්සාරණය කිරීමට ඔහු සතු වූ හැකියාව පදනම් කරගෙන පමණක්ම ඔහුගේ කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව වටහා ගත හැක. කොන්ග් වෙන් හදිසියේම ඔහුව සිය සිසුවකු ලෙස භාරගත්තේ මන්දැයි යූ ෂිආඕ මෝ අවසානයේ දී වටහා ගත්තේය.

"පාපොච්චාරණය දඬුවම අඩු වීමට හේතු වේවි, විරෝධය පෑම කෲරත්වයට හේතුවේවි. එකක් තෝරාගන්න." ලින්ග් ෂිආඕ ඔහු වෙත විකල්පයන් විසි කළේය.

යූ ෂිආඕ මෝගේ මනස තුළ වූයේ දෙව්ලොව හා මිනිසා අතර වූ සංග්‍රාමයකි. මෙම වදන් ඇසූ ඔහුගේ මුවෙහි අභිනය සැණෙකින් ව්‍යාකූල විය. මෙහි සැබැවින්ම විකල්පයක් තිබේද? ලින්ග් ෂිආඕට කෙතරම් කෲර විය හැකිදැයි යූ ෂිආඕ මෝ දැන නොසිටියද, ඔහුට එය සොයාගැනීමට මදකුදු අවැසි නොවීය. එබැවින් ඔහුට කළ හැකි වූයේ පාපොච්චාරණය කර දඬුවම ලිහිල් කරනා ලෙස ඉල්ලා සිටීමට පමණි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමUnde poveștirile trăiesc. Descoperă acum