22

1.7K 292 138
                                    

මේ වෙද්දිත් තේයොන් හිටියේ කායිගේ මැනිෂන් එක ලඟම තැනක තමන්ගේ පිරිසත් එක්ක සුදානම් වෙලා. ජිමින් මේ වෙද්දි තේයොන්ට විතරක් නෙමෙයි නම්ජුන්ට වගේම ජින්ටත් සිද්දවුණු දේවල් දන්වල තිබුන.

නම්ජුන් ජින් එක්කම තමන්ගේ කණ්ඩායමත් එක්ක තේයොන් හොයාගෙන ගියේ කවුරු වුනත් කායි මේ වෙලාවේ එයාලා හැමෝටම වඩා ශක්තිමත් නිසා. මොකද මේ වෙද්දිත් තමන්ගේ සමීපතමයන් කිහිපදෙනෙක්ම කායි තුරුම්පුවක් විදියට භාවිතා කරනවා.

මේ අතරේ කායි සූදානම් වුණේ තේයොන්ගේ මැනිෂන් එකට පිටත් වෙන්න. තේයොන් මැනිෂන් එකේ ඉන්න බවත් ආරක්ෂාව අඩු මට්ටමක තියෙන බවත් කායි මේ වෙද්දී දැනගෙන හිටියා. ඒත් ඒ වගේම යුන්ගි දැන් තමන්ට අහුවෙලා ඉන්න බව ජන්කුක් දන්න නිසා ජිමින්ට හැමදේම කියන්න ජන්කුක් නිර්භීත වුණා වගේම තවත් අයට මේ ගැන ජන්කුක් මොන ක්‍රමයකින් හෝ කියාවිද කියන සැකයත් කායිගෙ හිතට දැනිල තිබුනා. යුන්ගිගේත් හදිසියේම ප්‍රතිචාරයක් නැතිවුණු තැන ජිමින් වුනත් කලබල වෙලා තේයොන්ට හැම ඇත්තක්ම වමාරන බව කායිට මේ වෙද්දිත් තේරුම් ගිහින් තිබුන.

ඒ නිසාම අදින් මේ හැමදෙයකම අවසානය දකින්න කායි සූදානමින් හිටිය.

තේයොන් තමන්ට නියමිත වෙලාව එනකන් බලන් හිටියත් තේයොන්ගේ මනසත් මේ වෙද්දි ලොකු අවුල් ජාලයක් වෙලා තිබුනා. එකකට එකක් වෙනස්ම සිද්දි දාමයක් කොහෙන් කොහොම සම්බන්ද කරන්නද කියලා හිතාගන්න බැරුව තේයොන් තමන්ගේ හිත එක්කම අතරමන් වෙලා හිටියා.. ජන්කුක්ගේ දෙමව්පියන්ගේ ඝාතනය සිද්දවුණු දවසේ ඉඳන් සිද්දවුණු දේවල් මතක් කරද්දී තමන් එදා ගත්ත ගොඩක් තීරණ ගැන තේයොන්ට තිබුනේ ලොකු පසුතැවීමක්.. ජන්කුක් තමන්ගේ නිර්දෝෂී බව කියද්දී එදත් තේයොන් ජන්කුක්ගේ එක වචනයක්වත් විශ්වාස කලේ නෑ.. ජන්කුක් ගැන මොනතරම් දැනගෙන හිටියත් ජන්කුක්ව විශ්වාස කරන්න එදා තේයොන්ගේ හිත ඉඩ දුන්නේ නෑ.. ඒ වගේම ජෙනී ජන්කුක්ට තර්ජනය කරලා බලෙන්ම මේ විවාහය කරවපු වෙලේ තමන් ජන්කුක්ව විශ්වාස නොකර ජෙනීව විශ්වාස කළා. ඒ හැම වෙලාවකදීම ජන්කුක් නිහඬව හිටියා.. ඒත් ජිමින් මේ වතාවේ ජන්කුක්ව විශ්වාස කරපු නිසා මේ දේවල් මේ හැටියටවත් එළිවුණු එක ගැන තේයොන් සෑහීමකට පත්වුණා. නැත්නම් තව වෙනතුරුත් තමන් මෝඩයෙක් වගේ ජන්කුක්ව අවිශ්වාස කරනවා..

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDTahanan ng mga kuwento. Tumuklas ngayon