7

1.7K 307 17
                                    


"ජන්කුක්!!!"

ටේගේ කටහඩ ඇහෙනවත් එක්කම කාමරේ දොර වේගෙන් අරුනා.ටේ කාමරේ ඇතුලට යද්දිත් ජන්කුක් ටේ දිහා බලන් හිටියේ ටේව බලාපොරොත්තුවෙන් හිටියා වගේ.

"ජන්කුක් "

ටේ එයාගේ හඬ උස් කරලා කතා කරද්දී ජන්කුක් කිසිම හැගීමකින් තොරව ටේගේ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියා.ඒත් වැඩි වෙලා එහෙම බලන් ඉන්න ජන්කුක්ට පුළුවන්කමක් තිබුනේ නෑ. ටේගේ ඇස් වල තිබුන බැල්ම ජන්කුක්ට මතක් කළා එයාලගේ පලවෙනි රැය ගත කරපු විදිය. ජන්කුක් මරණය වුනත් බලාපොරොත්තුවෙන් හිටියත් ටේව දැක්කම ජන්කුක්ට ලොකු බයක් දැනුනේ මුළු ශරීරයම අඩපන වෙනවා වගේ හැඟීමක් එක්ක.

ටේහයුන්ග් කිසිම කතාවක් නැතුව ජන්කුක් දිහාවට සන්සුන් විදියට ඇවිදන් එන්න ගත්තා. ඒත් ඒ සන්සුන් ගමනේ ප්‍රචන්ඩ කුණාටුවක් හැංගිලා තියෙන බව ජන්කුක් දැක්කා. ජන්කුක්ගේ ඇස් වල බය පිරිලා යද්දී ජන්කුක් අඩියෙන් අඩිය පිටිපස්සට තියමින් ටේ තමන්ට ලංවෙන හැම අඩියක් පාසා පිටිපස්සට වුණා. ටේගේ මැනිෂන් එක ඇතුලේ ටේගෙන්ම බේරෙන්න බැරි බව දන්නවා වුනත් රාක්ෂයාගේ මාලිගාවෙන් පැනලා යන්න උත්සාහ කරන පුංචි දරුවෙක් වගේ ජන්කුක් ටේගෙන් ගැලවිලා යන්න ක්‍රමයක් හිතුවා.

ඒත් ටේගෙන් ගැලවෙන එක ජන්කුක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ටේගේ ඇස් තරහින් රතු වෙලා තිබුනා. ඒත් ජන්කුක්ගේ ඇස් වල තිබුනේ මරණීය බයක්. ජන්කුක් නැවතුමක් නැතුව පහුබහිද්දී ටේහයුන්ග් අන්තිමේ ජන්කුක් ළඟටම ආවා.

මොහොතකට දෙන්නගෙම ඇස් එකිනෙක ගැටෙද්දී ජන්කුක්ට බැරි වුණා ටේ දිහා බලන් ඉන්න. ඒ නිසාම ජන්කුක් ඉක්මනින් බිම බලාගත්තේ දත් අතරට තොල් මැදි කරගනිමින්. ටේහයුන්ගේ අත් වල නහර ඉලිප්පිලා පිටතට කැපිල පෙනුනා. ටේහයුන්ග් හිටියේ ඒ තරම් ලොකු කේන්තියකින්. හිස පහත් කරන් හිටිය ජන්කුක්ගේ ඇස් පවා ටේගේ මිටමෙලවෙන අත් දැක්කම තව තවත් බයෙන් පිරුනා.

"එක ප්‍රශ්නයයි. එක උත්තරයි. ඔයාද ඒ දේ කලේ "

වැරැද්ද ජන්කුක්ගෙමයි කියලා ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙද්දිත් ටේ ජන්කුක්ගෙන් ප්‍රශ්න කලේ ටේට ඕනි වුණා ජන්කුක් මේ දේ කලේ නෑ කියලා ජන්කුක්ගේ කටින් පිටවෙනවා අහන්න. ටේට ඕනි වුණා තමන්ට මේ තරම් ද්‍රෝහී වුණු හතුරා ජන්කුක් නොවී ඉන්න. ටේ දැක්ක දේවල් සේරම බොරුවක් කියලා ජන්කුක් නිර්දෝෂයි කියලා අහන්න ටේට ඕනි වුණා. ඒත් ටේ හොඳටම දන්නවා ඒ දේ කලේ ජන්කුක් කියලා... ජන්කුක් එක වතාවක් කිව්වනම් "ටේ මම නෙමෙයි මේ දේ කලේ" කියලා ඒ මොහොතේම ජන්කුක්ට සමාව දෙන්න ටේට ඕනි වුණා.දැන දැනත් ටේ ජන්කුක්ට උත්තර දෙන්න අවස්ථාවක් දුන්නේ ජන්කුක් තමන්ව පාවා දුන්නා කියන දේ දැනගත්තට වඩා ඒ පාවා දුන්න කෙනා ජන්කුක් වුණු නිසා දැනෙන වේදනාව ටේට තමන්ගේ ආත්මයම ගිනිගන්නවා හා සමාන හැඟීමක් ඇති කරපු නිසයි.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now