23

1.4K 211 82
                                    

ඒ වෙද්දිත් ජන්කුක් හිටියේ තේයොන්ගේ පවුලට අයත් පුද්ගලික රෝහලක රෝහල් ඇඳක් මත සිහිසුන්ව වැතිරිලා..

තේයොන් වගේම ජිනුත් ජන්කුක් ළඟින් හිටියා..

ජින් තවත් ඩොක්ටර් කෙනෙක් එක්ක ජන්කුක්ගේ තත්වේ මේ වෙද්දි පරික්ෂා කරලා බලලා තිබුනා... ඒත් දැනගන්න ලැබුණු දේත් එක්ක සතුටු වෙන්නද එහෙමත් නැත්නම් පුදුම වෙන්නද කියලා කිසිම කෙනෙක්ට අවබෝධයක් තිබුනේ නෑ..

"මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද හියුන් "

තේයොන් තාමත් ජින් කිව්ව පණිවිඩය විශ්වාස කරගන්න බැරුව ඇහුවා..ඒත් ඒ ප්‍රශ්නෙට ජින්ගෙන් වෙනුවට උත්තර ලැබුනේ ඩොක්ටර්ගෙන්.

"මේක ඇත්තටම නිකන් ආශිර්වාදයක් වගේ දෙයක්... බොහොම කලාතුරකින් තමයි මේ වගේ අය ඉන්නේ. ලෝකෙටම ඉන්නේ මේ හැකියාව තියෙන පිරිමි පුද්ගලයෝ බොහොම සුළුතරයයි.. ඒ අයගෙනුත් වැඩි පිරිසක් එයාලට මේ විදිහේ හැකියාවක් තියෙන බවක් දන්නේ නෑ.."

"ඉතිං මේක ජන්කුක්ගේ ජීවිතේට ප්‍රශ්නයක් නෙමෙයිද.. මේක ලෙඩක් නිසා ඇති වෙන එකක්ද...මං අහන්නේ එයා මේකෙන් පස්සේ... මං කිව්වේ එයාගේ ජීවිතේට අවධානමක් නැද්ද.."

"දරුවෙක් ලැබෙන්න ඉන්න එක කොහොමද තේයොන් ලෙඩක් වෙන්නේ.. අනික ජන්කුක් ශක්තිමත් කෙනෙක්.. ඉතිං දැනට එයාගේ ජීවිතේට අවධානමක් තියෙනවා කියලා පේන්න නෑ.."

තේයොන් සැකෙන් වගේ අහද්දී ජින් උත්තර දුන්නේ තේයොන් දිහා ඇස් හීනි කරලා බලන ගමන්..

"දරුවෙක් නෙමෙයි ඩොක්ටර් ජින්... දරුවෝ කියලා ඒක නිවැරදි වෙන්න ඕනි.."

ඩොක්ටර් සිනාමුසු මුහුණෙන් කියද්දී ජිනුත් ඔහු එක්ක හිනා වෙන ගමන්ම ඔහුගේ වචන අනුමත කරන්න ඔලුව හෙලෙව්වා..

"ඒ කියන්නේ හියොන් එකම විදියෙන් දරුවෝ තුන් දෙනෙක් අහ්හ් මට‍ මේ මොකුත්ම තේරෙන්නේ නෑ."

"ඔයා මොකුත් තේරුම්ගන්න ඕනි නෑ තේයොන්.. ජන්කුක්ගේ බඩෙනේ ඒ තුන් දෙනා ඉන්නේ... මේක කොහොමහරි ජන්කුක් තේරුම්ගත්තනම් ඇති "

ජින් හිනා වෙමින් විහිළුවක් වගේ කිව්වත් ජින්ටත් හිතාගන්න බැරිවුණා මොන විදියටද මේ දේ ජන්කුක්ට පැහැදිලි කරලා දෙන්නේ කියලා.. ජින් දන්නවා මේ කාලේ පුරාවටම ජන්කුක් එයාගේ ජීවිතේ මොන තරම් අමාරු කාලයක්ද පහු කලේ කියලා.. ජන්කුක් කොයිතරම් විඳවන්න ඇත්ද කියලා ජින් දන්නවා.. ඒ නිසාමයි මේ තරම් බරපතල දෙයක් ජන්කුක්ට කියන්න හිත හදාගන්න ජින්ට බැරිවුනේ.. ඒ අහිංසක කොල්ලගේ ජීවිතේට තවත් බරක් පටවන්න ජින්ට කොහෙත්ම ඕනි වුණේ නෑ..

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDUnde poveștirile trăiesc. Descoperă acum