31

978 186 94
                                    

"යුන්හි ඇයි ඒ ලමයට ඒ විදිහට ගැහුවේ "

"එයාගෙන් මං ඉල්ලුවම මගේ රෝස පාට බැලුන් එක අරන් මට‍ නිල් පාට බැලූන් එක දෙන්න කියලා එයා දුන්නේ නෑ. ඉතින් මං එයාගෙන් ඒක ගත්තා එච්චරයි.."

ජන්කුක් ඉස්සරහට වෙලා අයි පෑඩ් එකෙන් ප්ලේ කරන ගේම් එකට සම්පුර්ණ අවධානය දීලා හිටපු ජන්කුක්ගේ දුව කිසිම ගානකට නැතුව කියද්දී ජන්කුක් ඒ දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ... ඇත්තටම ජන්කුක්ට පුදුම වෙන්න තරම් දෙයක් තිබ්බේ නෑ.. මොකද තමන්ගේ වයස අවුරුදු හයක් වෙන දුව මේ විදිහට හැසිරුණ පළවෙනි අවස්ථාව මේක නෙමෙයි... ජන්කුක්ට කොහොමත් සතියකට වතාවක් අනිවාර්යෙන් යුන්හිගේ ගුරුවරයා මුණගැහෙන්න යන්නම වෙනවා... ඒක කොයිතරම් වෙනවද කියනවනම් යුන්හිගේ වැරද්දක් නිසා ජන්කුක්ට ගුරුවරු මුණගැහෙන්න යන්න වෙන එක මේ වෙද්දී ජන්කුක්ගේ එදිනෙදා පුරුද්දක් වෙලා තිබුනා..

"ඔයා කැමති පාට බැලුන් එක දුන්නේ නෑ කියලා එහෙම ගහනවද ලමෙක්ට.. එයා ඔයාගේ පන්තියේ යාලුවෙක් නේද.."

"එයාගේ යාලුකමෙන් මට‍ වැඩක් නෑ පපා මං කැමති දෙයක්වත් එයාට මට‍ දෙන්න බැරිනම්... අනික මං එයාට එහෙම හයියෙන් ගැහුවේ නෑ..කවුරු උනත් දැනගන්න ඕනි එක පාරක් කිව්වම අහන්න.."

"ඔව් හයියෙන් ගහලා නෑ.. යන්තම් ඒ ලමයගේ පැලුණු ඔලුවට මැහුම් දාලා විතරක් බේරුනා.."

ජන්කුක් තමන්ටම කියගද්දී යුන්හි කලේ එයාගේ මූණත් එක්කම වැහෙන්න තිබුණු අයිපෑඩ් එකෙන් උඩට ඔලුව උස්සල ජන්කුක්ගේ උඩ ඉඳන් යටටම බලලා ආපහු තමන්ගේ ගේම් එකට අවධානය දීපු එක..

තවත් මෙතන හිටියොත් තමන්ගේ ඉවසීම නැතිවෙලා යන බව තේරුණු නිසා ජන්කුක් කලේ තමන්ගේ දුවව එතන තනි කරලා ඒ කාමරෙන් එලියට ගිය එක...

ජන්කුක් කෙලින්ම ඇවිදන් ගියා එයාගේ රූම් එකෙන් එලියට වෙන්න තිබුණු පුංචි බැල්කනි එකට... අහස කළුවර වුනත්  ඈතින් පේන වූඩ්ලන්ඩ් නගරය නම් විදුලි ආලෝකයෙන් පිරිලා තිබුනා.. නගරේ පුරා පිරිලා තියෙන ගොඩනැගිලි වල ආලෝකය දිහා බලන් ජන්කුක් ඇස් දෙක පියාගත්තා..

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now