12

2.3K 335 73
                                    

කායිගේ මැනිෂන් එක ඉස්සරහ කාර් එක නවත්තපු ටේහයුන්ග් ජන්කුක්ව ගණන් නොගෙනම මැනිෂන් එක ඇතුලට ඇවිදන් යද්දී ජන්කුක් කොරගහමින් වුනත් ටේගේ පිටිපස්සෙන් අමාරුවෙන් ඇවිදන් ගියා.

පාර්ටි hall එකට ඇතුල් වෙන තැනදී ටේහයුන්ග්ව දකිද්දී ආරක්ෂාවට යොදවලා තිබුණු සියළුම ආරක්ෂකයින් හිස බිමට හරවගත්තේ ටේහයුන්ග් ගැන තිබුණු ගෞරවයට.ආරක්ෂකයෝ වගේම උත්සව ශාලාවට ඇතුළු වුණු තැන ඉඳන්ම ඇවිත් හිටිය සෙසු පාතාල නායකයෝ පවා ටේට හිස නමලා ආචාර කළා.සම්පූර්ණ කළු වර්ණයෙන් නිමැවුණු ඇඳුම් කට්ටලයකින් සැරසිලා හිටිය ටේ පලඳල හිටිය copper gold necktie එක කළු පාට ඇඳුම් කට්ටලයත් එක්ක හොඳින් ගැලපීම නිසා ටේගේ කඩවසම් බව වැඩි කරලා පෙන්නුවා.

ටේ ඒ විදියට එද්දී ජන්කුක් claret red slim fit tuxedo suit එකකින් සැරසිලා හිටියා.

ජන්කුක් හෙමින් ටේ ලඟට එනවත් එක්කම ටේහයුන්ග් ජන්කුක්ගේ ඉණ වටේ අතක් යවලා ජන්කුක්ව තමන්ගේ ලඟට ඇදල ගත්තා. ඒත් ජන්කුක්ටනම් ටේහයුන්ගේ තත්පරෙන් තත්පරේට වෙන වෙනස්කම් තවදුරටත් අමුතු දෙයක් වුනේ නෑ. ටේහයුන්ග් එක්ක ගතකරපු කාලය පුරාවට ජන්කුක් ඒ වගේ අත්දැකීම් අතේ ඇඟිලි ගණනටත් වඩා අත්දැකලා තියෙනවා.

මේ තරම් වෙලා උත්සව ශාලාවේ හිටිය සියළුම ආරධිතයන්ගෙන් ටේහයුන්ග්ට ලැබිලා තිබුණු අවධානයඑක් ක්ෂණයෙන් ජන්කුක්ට ලැබුනා.ජන්කුක්ගේ මුහුණේ තිබුණු වෙහෙසකර පෙනුම ඒ හැමෝටම දකින්න ලැබුනා.

ඒ අතරේම ටේ දැක්කා කායි ඈත ඉඳන් එයාලා ඉන්න තැනට එනවා.
ජන්කුක් හිටියේ බිම බලාගෙන. ඔලුව උස්සලා තමන් දිහා බලන් ඉන්න අය දිහා බලන්නවත් ඔවුන්ට මූණ දෙන්නවත් ජන්කුක්ට ඕනි වුනේ නෑ. ජන්කුක්ට දැන් ඉස්සර වගේ අනිත් අයත් එක්ක කතා කරලා විනෝද වෙලා සමාජශීලි විදියට ජීවත් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ.

ඒ වෙනුවට අද වෙද්දී ජන්කුක්ට ඕනි කරපු එකම දේ තනිවීම... කාත්කවුරුත්ම නැති තැනක කිසිම කෙනෙක්ගේ කටහඩක්වත් ඇහෙන්නේ නැති තැනක මුළු ලෝකයෙන්ම හැංගිලා ජීවත්වෙන්න, නිදහසේ ඊළඟ මොහොතේ තමන්ට මොනවගේ දේකට මූණදෙන්න වෙයිද කියන බය දැනෙන්නේ නැති තැනක හුස්මක් ගන්න ජන්කුක්ගේ හිත තදබල ලෙස ආශා කළා.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now