28

1.1K 163 26
                                    


*කලින් කොටස කියවලා එන්න..




______________________________________________________

"ජන්කුක් "

තේයොන්ට ඉබේම ජන්කුක්ගේ නමින් කෑ ගැහුනත් කාමරේ කොනකවත් ජන්කුක්ව දකින්න ලැබුනේ නෑ.. ජන්කුක්ට වුණේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව ඉද්දී තේයොන් යන්තමින් දැක්ක වෝඩ්‍රොබ් එකේ පියනක් යන්තමින් ඇරිලා තියෙන බව.

තේයොන් ඉක්මනින් වෝඩ්‍රොබ් එකේ දොර ඇරලා බලද්දී තේයොන්ට දකින්න ලැබුනේ කොනකට ගුලිවෙලා බයේ ගැහෙමින් ඉන්න ජන්කුක්ව..

තවත් වෙලා කිසිම දෙයක් ගැන හිතන්න කාලේ නාස්ති නොකරපු තේයොන් ජන්කුක්ව හරහට වඩා ගද්දි ජන්කුක්ගේ අත් ඉබේම තේයොන්ගේ බෙල්ල වටේ පැටලුන.

තේයොන්ට හිතාගන්න බෑ එයා මොනව කරන්නද කියලා.. තමන්ගේ අත් අතරේ හිටියත් ජන්කුක්  හොඳටම වෙවුලනවා හරියට මේ දැන් අයිස් ගොඩකින් එලියට ගත්ත වගේ..

තේයොන් හෙමීට ජන්කුක්වත් අත් අතරේ තියන් පරිස්සමට ජන්කුක්ව ඇඳ උඩින් තියන්න හැදුවත් ජන්කුක් තව තවත් තදින් තේයොන්ව අල්ලගත්ත ඇරෙන්න පොඩ්ඩක්වත් තේයොන්ගෙන් ඈත්වුණේ නෑ...

තේයොන් හොඳටම දන්නවා ජන්කුක් මෙහෙම හැසිරෙන්නේ දැන් එයා ලොකු බයකින් ඉන්න නිසා කියලා.. නැත්නම් කීයටවත් ජන්කුක් තමන්ට ළඟට එන්නවත් නොදෙන බව තේයොන් දන්නවා.. ජන්කුක් හ‍රි සිහියට ආවට පස්සේ මොන විදිහට හැසිරෙයිද කියලා තේයොන්ට කිසිම අදහසක් නොතිබුනත් මේ වෙලාවේ හැටියට තේයොන්ට ජන්කුක්ව මේ කාමරේ තනියම තියන්න විදිහක් තිබුනේ නෑ.. ඒ තරමට මේ වෙලාවේ තේයොන් අසරණ වෙලා හිටියේ..

"හියොන්ග් "

ජන්කුක් යන්තම් කොඳුරනවා ඇහිලා තේයොන් බය වෙලා වගේ ජන්කුක් දිහා බැලුවා.. ඒත් ජන්කුක් හිටියේ එයාගේ ඇස් තදින් පියාගෙන.. තේයොන්ගේ බෙල්ල වටේ එතිලා තිබුණු අත්වල ඇඟිලි අතරට තේයොන්ගේ ෂර්ට් කොලර් එක තද වෙලා තිබුනා.. තාමත් ඇස් පියන් ඉන්න ජන්කුක්ගෙ වෙවුලන තොල් අතරින් යන්තම් කෙඳිරුම් හඬක් විතරක් පිටවුනා..

අකුණු ගහන සැරයක් ගානේ ජන්කුක්ව ගැස්සිලා යන විදිය බලන් හිටපු තේයොන් දැක්කා ජන්කුක්ගේ ඇස් වලින් කඳුළු ගලන් යනවා කියලා.. ඒත් ජන්කුක්නම් එකමොහොතකටවත් තදින් පියන් හිටිය ඇස් ඇරල බැලුවේ නෑ..

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now