6

1.9K 336 129
                                    

ටේ හවස තිබුණු මීටින් එකට යන්න ලෑස්ති වෙද්දීත් ජන්කුක් හිටියේ තද නින්දක. ජන්කුක්ගේ නිරුවත් උඩුකය වැහෙන විදියට බ්ලැන්කට් එකක් ටේ ජන්කුක්ට පොරවලා තිබුනා. බ්ලැන්කට් එක අස්සේ ගුලි වෙලා නිදන් ඉන්න ජන්කුක් ලඟට ගිය ටේ ජන්කුක් ලඟින් ඉඳගත්තා.

"මට ඕනි පොඩිකාලේ හිටිය මගේ අහිංසක කුකීව, ඇයි මැණික මට‍ මෙහෙම කරන්නේ, ඔයාට ඕනි මාව නැති කරලා දාන්න උනත් ඔයා දන්නේ නෑ ඔයාගේ ටේටේව ඔයා අතින්ම මරලා දැම්මේ මීට අවුරුදු දෙකකට කලින්. එදා ඉඳන් කුකීගේ ටේටේ හිටියේ නෑ. මේ කිම් ටේහයුන්ග් විතරයි හිටියේ "

"තාමත් මං ආදරෙයි ඒ අතීතයට. ඔයා මාත් එක්ක විතරක් හිටිය අතීතයට. ඔයාගේ ජීවිතේට යාලුවෙක් විදියට හරි මං විතරක් හිටපු අතීතයට."

"ඔයා දන්නවද මං ඔයාට ආදරේ කලේ පොඩි කාලේ ඉඳන්මයි. ඒකයි මම හැම මොහෙතෙම ඔයාගේ පස්සෙන්ම හිටියේ. ඒත් ඔයා  කායිගේ වුනේ ඇයි.... මං එනකන් ඔයාට ඉන්න බැරි වුනාද මැණික.... ඔයා දන්නවනේ මං කැමති නෑ මාව රිජෙක්ට් කරනවට. එහෙම කරපු උන්ට මං සමාවක් දීලත් නෑ.... ඒත් ඔයාට එදා මගේ හිතේ තිබුණු ආදරේ තාමත් ඒ විදියමයි. හැබැයි ඔයත් එදා වගේම තාමත් ඒ ආදරේ ප්‍රතික්ෂේප කරනවා..."

---------------------------------

වසර දෙකකට පෙර

ටේහයුන්ග් උදේ ඉඳන් ගොඩාක් දේවල් ලෑස්ති කරලා පාර්ක් එකට ගියේ අද ජන්කුක්ට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරලා ජන්කුක්ව තමන්ගේම කරගන්නවා කියන අදහසෙන්. ජන්කුක්ටත් වේලාසනින්ම පොඩි කාලේ ඉඳන් හම්බවෙන පාර්ක් එකට එන්න කියලා තිබුනා.

ටේ යද්දිත් ජන්කුක් කිව්ව විදියටම ඇවිත් හිටියා. හැබැයි ජන්කුක් එතන හිටියේ තනියම නෙමෙයි. ජන්කුක් පාර්ක් එක මැද්දේ හිටගෙන ඉද්දී කායි ජන්කුක් ළඟ දනගහගෙන මුද්දක් ජන්කුක් ඉස්සරහින් තියාගෙන හිටියා. තමන්ගේ අවුරුදු ගානක ආදරේ ප්‍රකාශ කරන්න දාහක් හීන හිතේ පොඳිබැඳන් ආපු ටේගේ ඒ හීන කඩාවැටෙන්න ගියේ එක නිමේශයක් විතරයි.ටේ කොහොම ඒ දුක දරාගන්නද...ටේහයුන්ග් ජන්කුක්ට ආදරේ කලේ පුංචි කාලේ ඉඳන්මයි. හැම මොහොතේම ජන්කුක්ගේ සෙවනැල්ල වගේ ඉඳන් ටේහයුන්ග් ජන්කුක්ව පරිස්සම් කළා. ඒ හැමදෙයක්ම කලේ හිතේ බලාපොරොත්තු පුරවාගෙන. ඒත් තමන්ගේ ඇස් ඉස්සරහම ඒ බලාපොරොත්තු සුන් වෙද්දී දැනෙන වේදනාව දන්නේ ඒ කෙනාම විතරයි.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now