24

1.4K 239 223
                                    

තේයොන් හිටි තැනම නතරවෙද්දී තේයොන්ට දැනුනේ එයාගේ නහර පුපුරන්න එනවා වගේ කියලා.. ලේ රත් වෙනවා වගේ දැනෙද්දී තේයොන්ට ආයෙමත් හැමදේම අමතක කරවල එයාගේ කේන්තිය එයාව වහගන්න ගත්තා..

ලේ කැකෑරෙනවා වගේ දැනෙද්දී තේයොන් තවත් මොහොතක්වත් නතර නොවී වේගෙන් ජන්කුක් ළඟට ඇවිදන් ගියා.. ජින්වත් ජන්කුක්වත් තේයොන්ව දකින්නත් කලින් ඉස්සර වුණු තේයොන්ගේ හැඩිදැඩි අතක් ජන්කුක්ගේ බෙල්ල ඒ අතරට මැදි කරගත්තේ ජන්කුක් වේදනාත්මකව තේයොන් දිහා බලද්දි.

ඒ සැනින්ම ජන්කුක් දැක්කේ එයාට දැකලා පුරුදු දර්ශනයක්.. තේයොන්ගේ ඇස් කේන්තියෙන් රතු වෙලා. ජන්කුක් කාලයක් තිස්සේ දැකපු ඒ මෘගයා ආයෙමත් ජන්කුක් තේයෝන්ගෙන් දැක්කා.. එකින් එක ජන්කුක්ට ඒ අමිහිරි රාත්‍රීන් මතක් වෙද්දි ආයෙමත් සැරයක් ජන්කුක්ව නොදැනීම වෙවුලන්න ගත්තා.. ජන්කුක් ගැහෙන අත් වලින් තේයොන්ගේ අත අල්ලගද්දී ජින් කලබලෙන් වගේ තේයොන්ට කෑ ගහන්න ගත්තේ තේයොන්ව හරි සිහියට ගන්න හිතාගෙන..

"අතාරිනව තේයොන් එයාව.. දෙයියන්ගේ නාමෙන් පැත්තකට වෙනවා.."

ජින් කෑ ගහන ගමන් තේයොන්ව ජන්කුක්ගෙන් පැත්තකට අයින් කරන්න හැදුවත් ජින් තේයොන් තරම් ශක්තිමත් වුණේ නෑ. ඒ දෙයින් වුණේ ජන්කුක්ගේ හුස්ම හිරවෙන තරමටම තේයොන්ගේ අත තවත් දැඩි වෙන එක.. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ජින්ගේ වගේම හයුන්ජින්ගේත් සද්දේ නිසා ඇතුලට ආපු යුන්ගිටත් නම්ජුන්ටත් පුළුවන් වුණා යන්තම් තේයොන්ගේ අත් වලින් ජන්කුක්ව ගලවගන්න... ජන්කුක් අමාරුවෙන් හුස්ම අල්ලද්දී නම්ජුන් තේයොන්ට ගහපු කම්මුල් පාරෙන් තේයොන් හ‍රි සිහියට ආවා..

"උඹට මොකද වෙලා තියෙන්නේ මිනිහෝ.. දැන්වත් මේක නතර කරන්න අදහසක් නැද්ද.. පිස්සුද උඹට.. මේ කොල්ලව මරන්නද ඕනි"

නම්ජුන් කෙලින්ම තේයොන්ගේ කොලර් එකෙන් අල්ලන් අහද්දී තේයොන් ඒකට උත්තර නොදීම බලන් හිටියේ එයාගේ ෂර්ට් එකට විසිවෙලා තියෙන ලේ පැල්ලම් දිහා.. තේයොන් බලන් ඉන්නේ මොකක් දිහාද කියලා බලපු ජින් ඒ වෙලාවේ තමයි දැක්කේ ජන්කුක්ගේ අතකට ගහලා තිබුණු කැනියුලා එක ගැලවිලා ජන්කුක්ගේ අතකින් ලේ ගලන බව.. ඒ එක්කම ක්‍රියාත්මක වුණු ජින් හයුන්ජින්ට තුරුල් වෙලා ඉන්න ජන්කුක්ව අල්ලන්න හදද්දිම ජන්කුක්ව ගැහෙන්න ගත්තා.. ජන්කුක්ගේ ඇස් වල කළු ඉංගිරියාව නොපෙනී ගිහින් ජන්කුක්ගේ ඇස් ලොකු වෙද්දි ජන්කුක්ව එක ක්ෂණයෙන් දාඩියෙන් පෙඟිලා ගියා.. ජන්කුක්ව අසාමාන්‍ය විදිහට ගැහෙද්දි හයුන්ජින්ටවත් බැරි වුණා ජන්කුක්ව තව දුරටත් අල්ලන් ඉන්න.. වෙන්නේ මොකක්ද කියලා කිසිම අවබෝධයක් අනිත් අයට නොතිබුනත් ජින්ටනම් ඒ දේ තේරුම් ගන්න බැරි වුණේ නෑ.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now