14

1.8K 362 43
                                    

ජන්කුක් ටේගේ ඔඩොක්කුවේ ඉඳන් බය පිරුණු මූණෙන් බැලුවේ ටේහයුන්ග් ඇයි මෙහෙම කරන්න අහනවා වගේ දෙයක් ඇස් වලින් ඉඟි කරමින්. ජන්කුක් අද වුණු සිදුවීමෙන් පස්සේ හිතුවේ අද එයාට ජීවිතේ කවදාවත් නැති තරම් වේදනා විඳින්න වෙයි කියලා. ඒත් නොහිතපු විදියට වියරු වැටුණු රාක්ෂ ටේහයුන්ග් කෙනෙක්ගේ දරුණු හැසිරීමක් වෙනුවට මේ වගේ දෙයක් ජන්කුක්ට අදහගන්න බැරි වුණා. ටේගේ ඇස් දිහා බලපු ජන්කුක් ඒ ඇස් වල නපුරුකමක් වෙනුවට තිබුණු ආයාචනාත්මක බැල්ම පැහැදිලිව දැක්කා.

ටේගෙ ඇස් වල තිබුනේ ඉල්ලීමක්. වෙන මොනවත්වෙනුවෙන් නෙමෙයි ජන්කුක්ගේ ආදරේ කායිට නොවී එක තත්පරෙක්ට හරි එයා වෙනුවෙන් දෙන්න කියන ඉල්ලීම.

ඒත් ටේගේ ඇස් දිහා වැඩි වෙලාවක් බලන් ඉන්න ජන්කුක්ට බැරි වුණා. ජන්කුක්ගේ හිත දන්නවා එයා උවමනාවෙන් නොවුනත් එයා අතින් ටේහයුන්ග්ට වැරදි වුණා කියලා. ඒ පසුතැවීම ජන්කුක්ගේ හිත හැමතිස්සෙම පෑරුවා.

ජන්කුක් එයා දිහා බලන්නේ නැතුව බයෙන් ඉන්නවා කියලා තේරුනු ටේ කාර් එකේ ලයිට්ස් ඕෆ් කරලා ජන්කුක්ව තුරුළු කරගත්තා.ටේ එක්ක මේ විදියට ඉන්න එක ජන්කුක්ට අමුතු අත්දැකීමක් වුණා. මේ තරම් කල් ටේගේ රාක්ෂයා ඉස්සරහ වේදනාවෙන් කෑ ගහලා සැනසීමක් ඉල්ලපු ජන්කුක්ට අද ඒ සැනසීම ටේගේ උනුහුමේදී දැනුනා.

මුළු පරිසරයම ගන අඳුරකින් වැහිලා වැස්සේ සද්දෙන් අවට පිරිලා ගිහින් විටින් විට අකුණු ගහද්දි පුංචි හා පැටියෙක්  අම්මගේ උනුහුමට ගුලි වෙලා ඉන්නවා වගේ ටේගේ පපුවට තුරුල් වෙලා ඇස් පියන් ඉන්න ජන්කුක්වයි තමන්ගේ පපු තුරුලේ උණුසුම් වෙන ඒන්ජල් දිහා බලාපොරොත්තු පුරවන් බලන් ඉන්න ටේහයුන්ග්වයි ඒ එළියෙන් නැහැවුනා.

අකුණු එළියෙන් මිසක් ජන්කුක්ට ටේහ්යුන්ග්වවත් ටේහයුන්ග්ට ජන්කුක්වවත් පෙනුනේ නෑ. ඒත් දෙන්නටම එකිනෙකාගේ උණුහුම හොඳින් දැනුනා. ජන්කුක් ටේගේ පපුවට ඔලුව තියන් ඒ පපුව හුස්ම ගන්න තාලෙට උඩ පහල යන විදියට අවධානය දුන්නා. ටේහයුන්ග් හරිම සන්සුන්. ජන්කුක්ට ඇහෙන ටේගේ හදගැස්මත් සාමාන්‍ය වේගෙන් ගැහෙනවා. ජන්කුක් දිගින් දිගටම ඒ හඬට කන් දුන්නා.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now