1

4.9K 464 53
                                    

"ජන්කුක් මං මේ කියන තැනට මේ දැන් තමුසේ එන්න ඕනි "

"ජෙනී"

"ඔව් ජෙනී තමයි දැන් කියපු දේ කරනවා නැත්තං තමුන්ගේ මහ ලොකු මල්ලිගේ මිනියවත් දකින්න ලැබෙන එකක් නෑ"

"ජෙනී ඒ ඔයාගෙත් මල්ලි නේ "

"හහ්! මගේ මල්ලි තමුන් ඌව ඔලුව උඩ තියන් හිටියට ඌ අප්පගේ හොර ගෑනිගේ ළමයා. මට එහෙම සහෝදරයෝ නෑ."

"ජෙනී!!!"

ජන්කුක් තව වචනයක්වත් කියන්න කලින් ජෙනී කෝල් එක කට් කරපු නිසා ජෙනී කිව්ව තැනට යන්න ජන්කුක්ට සිද්දවුනා.

ජන්කුක් ජෙනී කියන විදියට ගියේ එයාලගේ අප්පා ජීවත් වෙලා ඉන්න කාලේ  මාෆියා වැඩ වලට පාවිච්චි කරපු පරණ අතෑරලා දාපු ෆැක්ට්‍රි එකකට.

ජන්කුක්, ජෙනී සහ හයුන්ජින් කියන්නේ කලින් මුළු කොරියාවේම මාෆියා කණ්ඩායම් වල ප්‍රධානියා මාෆියා කිංග් ජියෝන් ජන්හයුන්ගේ දරුවෝ තුන් දෙනා.ජෙනී සහ ජන්කුක් එකම අම්මගේ දරුවෝ උනත් හයුන්ජින් කියන්නේ ජන්හයුන්ගේ අනියම් බිරිඳගේ දරුවා. හයුන්ජින්ගේ මව දරු උපතේම මිය යද්දී ජන්කුක්ගේ ඔම්මා ඇයගේ කරුණාවන්ත බව නිසාම ඒ දරුවටත් මව වුණා. ජන්කුක් වුනත් හයුන්ජින් තමන්ගේම සොහොයුරා විදියට පිළිගත්තත් ජෙනී කුඩා කල ඉඳන්ම ඔහුව ප්‍රතික්ෂේප කලා.

ඒත් දැනට අවුරුද්දකට කලින් හදිසියේ වුණු පහරදීමක් නිසා ජන්හයුන්ග් වගේම ජන්කුක්ගේත් ජෙනිගේත් මව මිය ගියා.

ජන්හයුන්ගේ මරණයත් එක්ක හිස්වුනු මාෆියා කිංග් තනතුර ඊළඟට ලැබුනේ ජියොන් පවුලට පස්සේ  මාෆියා වර්ල්ඩ් එකේ වැඩිම බලයක් තිබුණු කිම් ටේහයුන්ග්ට. කිම් පවුලයි ජියොන් පවුලයි එකිනෙකට බොහෝ සමීපව ඇසුරු කලා. ඒත් රිය අනතුරකින් කිම් වැඩිහිටියන් මිය ගියේ ටේහයුග්ට හැමදේම පවරලා දීලයි.  ටේගේ දෙවෙනි සහෝදරයා වුණු යුන්ගි දෙමව්පියන් ජීවත් වන කාලයේදීම ඔහුගේම මාෆියා කණ්ඩායමක් ආරම්භ කර තිබුනා.

ටේහයුන්ගේ වැඩිමහල් සහෝදරයා වුණු නම්ජුන් ටේහයුන්ගේ ශක්තිය වුණා.

ඒ වගේම ටේහ්යුන්ග්, ජන්කුක්, ජෙනී සහ හයුන්ජින් කුඩා කල ඉඳන්ම එකට හැදී වැඩුනා.එහි ප්‍රතිපලයක් විදියට ටේහ්යුන්ගෙයි ජෙනීගෙයි අතරේ විවාහයක් සිදුකරන්න කටයුතු සුදානම් කලේ ජන්හයුන්ග් ජීවත් වුණු කාලයේදිමයි. ඒත් හදිසියේ වුණු ජන්හයුන්ගේ මරණයෙන් ඒක කල් දාන්න සිද්දවුනා.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now