27

833 138 32
                                    

ගෙවුණු සති කීපයේම තේයොන් දවල් දවස ගත කලේ බොහොම නොයිවසිල්ලෙන්.. ඒ නිසාම දවල් කාලය හෙමින් ගත වෙලා රාත්‍රිය හරිම ඉක්මනින් ගතවෙනවා වගේ තේයෝන්ට හිතෙන්න ගත්තා..

අදත් තේයොන් සුපුරුදු පරිදි ජන්කුක් නිදාගන්න වෙලාව පහුවෙනකන් ඉඳලා ජන්කුක්ගේ කාමරේට ආවා...

කාමරේ සයිඩ් ටේබල් එක උඩ තියෙන ලෑම්ප් එක ඒ වෙද්දීත් නිවලා තිබුනේ නැත්තේ ජින් ජන්කුක්ට රෑ මැද ඇහැරුනොත් කරදර නොවෙන විදියට හැමදාම ලෑම්ප් එක නිවන්නේ නැතුව තියන නිසා..

ලෑම්ප් එකේ පුංචි එළියෙන් තේයොන් දැක්ක ජන්කුක් හ‍රි සනීපෙට නිදාගෙන ඉන්න විදිහ.. එයාගේ බේබී බම්ප් එක උඩින් එක අතක් තියාගෙන අනිත් අතෙන් කොට්ටයක් තුරුල් කරන් ජන්කුක් හිටියේ ගැඹුරු නින්දක.. ඒ බව ජන්කුක්ගේ පුංචි ගෙරවුම් හඬවල් වලින්ම තේයොන් තහවුරු කරගත්තා... හෙමීට අඩි සද්දයක්වත් නෑහෙන ගානට ජන්කුක්ගේ ඇඳ ළඟට ගිය තේයොන් ජන්කුක්ගේ ඇඳ ළඟින් දණගත්තේ ජන්කුක්ගේ බේබී බම්ප් එක පේන තරමට ජන්කුක්ගේ ෂර්ට් එකත් ටිකක් එහාට කරමින්... තේයෝන්ට ඕනි වුණා ජන්කුක්ගේ කුස පුරාම හාදු වලින් නාවන්න.. එයාගේ පුංචි පැටව් දරාගෙන ඉන්න ඒ කුස එක වතාවක් හරි අල්ලන්න.. ඒත් ඒදේ කරන්න හදන හැම වතාවෙම ජන්කුක් ඇහැරෙන්න බලන නිසා තේයෝන්ට සිද්ද වුණා ඒ ආසාව තව දුරටත් ආසාවක් විදිහට විතරක්ම තියාගන්න....

තේයොන් ඒ විදිහට පැය භාගෙකට කිට්ටුව එකම විදිහට ඇඳ ළඟ දණගහගෙන ජන්කුක්ගේ දරු ගැබ දිහාත් නින්දෙන්ම කෙඳිරි ගාමින් එක අතකටවත් පෙරලෙන්න විදිහක් නැතුව නින්දෙන් ඉන්න ජන්කුක් දිහාත් මාරුවෙන් මාරුවට බලාගෙන හිටියේ තමන්ගේ හිත අස්සේ එකම මොහොතේ තෙරෙපෙන හැඟීම් ගොන්නක් හිර කරන්...

ටික වෙලාවක් ඒ විදිහට බලන් ඉද්දි තේයොන් දැක්ක ජන්කුක්ගේ බේබී බම් එකේ තැනින් තැනට පුංචි පැටව් අත පය වලින් පහර දෙනවා කියලා.. ජන්කුක්ගේ කුසෙන් සැරින් සැරේ යන්තම් උඩට එකපාරටම එලියට නෙරා ඇවිත් ආපහු යන පුංචි අතපය දිහා තේයොන් බලන් හිටියේ එයාටත් නොදැනීම එයාගේ ඇස් වල කඳුළු පවා පිරෙද්දී.. ඒ බව තේයෝන්ට දැනුනේ එන්න එන්නම එයාගේ ඇස් වල දර්ශන බොඳ වෙනවා කියලා තේරෙද්දී...

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now