32

1.3K 191 228
                                    

ජන්කුක් හිටියේ හෝසොක් එයාට එන්න කියපු තැනට යන ගමන්...ජන්කුක් මේ වෙද්දිත් යමින් හිටියේ එයා පුංචි කාලේදී නිතරම ගිය පාර්ක් එකට.. ජන්කුක් පුංචි කාලෙදි නිතරම වගේ එයාගේ අප්පා එක්කත් මේ පාර්ක් එකට එන්න පුරුදු වෙලා හිටිය.. සමහරවෙලාවට හයුන්ජින් එක්ක වගේම ජෙනී එක්කත් ජන්කුක් මේ පාර්ක් එකට ආවා... ඒ වගේම ජන්කුක් තේයොන් එක්කත් ආවා.. පාර්ක් එකට ලංවෙද්දි ජන්කුක්ට එයාගේ පුංචි කාලේ මතක පවා අලුත් වුණා...













ජන්කුක් ආරක්ෂකයන්ට ඈතට වෙන්න ඉන්න අණ දීලා හෙමින් හෙමින් ඇවිදන් ගියේ හෝසොක් එයාට පාක් එකේ එන්න කියපු කොටසට.. ඒ එක්කම හයුන්ජිනුත් ජන්කුක්ගේ පස්සෙන්ම ඇවිදන් ගියා....ජන්කුක්ට වැඩිදුර යන්න නොතියාම ඈත ඉඳලා දුවන් ආපු යුන්හි  ඇවිත් ජන්කුක්ගේ කකුලේ එල්ලුනා..

"පපා... යුන්හිට තියෙනෝ පපාට පෙන්නන්න දෙයක්..."

යුන්හි එයාගේ සුපුරුදු හුරතල් හිනාව පෙන්නලා කියද්දි ජන්කුක් යුන්හි ළඟ දණහිසෙන් නැමිලා ඉඳගත්තා..

"කෝ බලන්න මොකක්ද මට‍ පෙන්නන්න තියෙන්නේ.."

ජන්කුක් යුන්හිගේ ඇහුවේ ඇත්තටම හිතේ සැකයක් තියාගෙන.. මොකද ජන්කුක් යුන්හිගේ හැටි නොදන්නවා නෙමෙයිනේ..

"මට‍ මගේ හබීව හම්බවුණා..."

යුන්හි කියපු දේ එක්ක ජන්කුක් ඇස් ලොකු කරන් බලන් හිටියේ යුන්හි එයාට කියපු දේ හරියටම ඇහුනද කියලා විශ්වාස කරගන්න බැරුව..

"මෙහෙට ඇවිත් තාම දවස් දෙකයි... ඒ ටිකට හබී කෙනෙකුත් හොයාගත්තද... මේ මංවත් තාම කවුරුත් හොයාගෙන නෑනේ..."

හයුන්ජින් යුන්හිට ඇස් කරකව කරකව කියද්දි යුන්හි කලේ දිව එලියට දාලා හයුන්ජින්ට ඇද කරපු එක..

"හබී කියලද කිව්වේ... කොහෙන්ද එහෙම කෙනෙක් හම්බුනේ.."

ජන්කුක් එයා දිහා හිනා වෙවී බලන් ඉන්න යුන්හිගෙන් ඇහුවම යුන්හි ජන්කුක්ගේ ඇඟිල්ලකින් අල්ලාගෙන පාක් එකේ එක පැත්තක් පෙන්නුවා..

ජන්කුක් දැක්කා හෝසොක් ඒ පැත්තේ ඉඳලා තවත් කෙනෙක් එක්ක එනවා.. ඒ වගේම ඒ කෙනාගේ අතේ තවත් පුංචි කොලු පැන්චෙක් එල්ලිලා එනවා.. ඊට පිටිපස්සෙන් තාරා පැටියෙක් වගේ කෙලි පැංචියෙකුත් දෙපැත්තට පැද්දි පැද්දි එනවා..ටිකෙන් ටික ලංවෙද්දි හෝසොක් එක්ක එන කෙනා කවුද කියලා අඳුරගන්න ජන්කුක්ට වැඩිවෙලා ගියේ නෑ..

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now