Last Chapter🖤🌹

828 117 70
                                    

...................

🦄එහෙනම් හැමෝම හොදින් ඉන්න.. ඒ වගේම කූකිව හොදට බලාගන්න.. මට ඔයාලා හැමෝම ගැන ආඩම්බරයි.. යුන්ගි විශේෂයෙන් ඔයා ගැන..ඔයාගේ Last Mission එකේ 'නිදහස දෙන්න' කියලා කිව්වේ ඔයාගෙත් කූකිගෙත් වේදනාකාරී ජීවිතේට නිදහස දෙන්න කියන එකයි.. මුලින් වැරදියට තේරුම් ගත්තත්, මන් දැනගත්තා මගේ මල්ලිට ඕනේ දෙයක් කරන්න පුලුවන් කියලා. ඔයා අද ඉදන් Grim Reaper කෙනෙක් නෙමෙයි.. ඔයාට ඕනෙ වුන විදිහට කූකි එක්ක ඔයාට නිදහසේ හැමදාටම ජීවත් වෙන්න පුලුවන්...

ඒ වගේම ජූන් ඔයා, මගෙ හොදම යාලුවා, කවුරු නොදන්නවා වුනත් මම හැමදේම බලාගෙන හිටියේ.. ඔයා හොදට ලොකු වුනා ජූන්.. යුන්ගි වගේම ඔයත් අද ඉදන් Yuan නෙමෙයි.. තවත් මිනිස්සු විදවනවා බලන්න වෙන්නේ නැහැ මගේ මල්ලිලා දෙන්නටම.. ඔයාලා දෙන්නට ඕනේ වුන විදිහටම ඔයාලා ආදරේ කරන අයත් එක්ක සදාකාලිකව සතුටින් ජීවත් වෙන්න පුලුවන්..

🐨හොබී.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ?? ඔයා කලින් කිව්වෙත් නැහැ ඔයා යනවද.?? මම ආයෙත් ඔයාට යන්න දෙන්නේ නැහැ හොබී.. ඔයා නැතුව ගොඩාක් පාලුවෙන් මම හිටියේ..

🙈(හොබීගෙ ඇඟ කියනවා එයා යන්න ඕනේ දැන් කියලා. හොබී ඇස් වල කඳුලු පුරෝගෙන ලස්සන හිනාවක් දාලා ජූන්, යුන්ගි දෙන්නව බදාගෙන ජින්,ටේ,මින් වගේම ඇදේ ඉන්න කූකි දිහත් බැලුවේ දාලා යන්න ගොඩක් ලෝබකමින්. ජූන්ගෙ අතේ තිබ්බ Globe එක හොබී ගත්තා..)

🦄මෙතන ඉන්න කාටවත් මම අද ආවා කියලා මතක තියෙන්නේ නැහැ.. ඔයාලව හම්බුන එක තමා මගේ ජීවිතේ වුන හොදම දේ..ඔයාලා හැමෝටම මම ආදරෙයි.. හැමෝම හොදින් ඉන්න...


🙈(හොබී එලියට යන්න හැරෙනවත් එක්කම ජූන් , හොබී ඉස්සරහින් හිට ගත්තේ එයා මොනවා දැන් කරන්න ගියත් ඒක කරන්න එපා කියන්න වගේ.. ජූන්ගෙ ඇස් වල කඳුලු දැක්කත් හොබී තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉක්මනට ජූන්ව එහාට තල්ලු කරගෙන බැල්කනියි එකට ගිහින් දොර තද කරලා වැහුවා.. ජූන් කොච්චර දොර අරින්න හැදුවත් අරින්න බැරි වුනා වගේම එයාගේ කිසිම බලයක් එවෙලේ වැඩ කරේ නැහැ..

හොබී හැමෝම දිහා බලලා Globe එක බින්ඳා..ටිකකින් තමන්ගේ පුන්චි පවුල දිහා බලාගෙනම හොබී එතනින් නැති වෙලා ගියා....ජූන් කෑ ගහ ගහ අඬන්න ගත්තා.. ජින්, ටේ, මින්ගෙ ඇස් වලින් කඳුලු බේරෙන්න ගත්තා වගේම යුන්ගි එතනම බිම ඉන්දවුනේ ආයේ තමන්ට හොබී නැති වුනා කියලා දැනුන නිසයි..

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now