28🖤🌹

390 90 9
                                    

👻Deity-

................................................................

A few minutes ago....

👻(ජූන්ට හිනා වෙලා ආයේ යන්න හැරුනට පස්සේ ආයේ හැරිලා බලන්න තරම් වත් හයියක් ජින්ට තිබ්බේ නැහැ.. කෙලින්ම එයා එයාගේ කාමරේට ගියේ.. දොර වහගත්ත ගමන් ජින් එතනම ඇදගෙන වැටුනා..ජින් මෙච්චර වෙලා ප්‍රශ්නයක් නැහැ වගේ හිර කරගෙන හිටපු කදුලු එක දිගට වැටෙන්න ගත්තෙ ඉබේටමයි.. දවසක් දෙකක් හම්බුන, වචන 50ක් 60ක් වත් හරියට කතා කරලා නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ආදරයක් ඇති වෙන්නේ කොහොමද කියල හිත හිත ජින් අඬන්න ගත්තේ බිම වකුටු වෙලා..)

Present...

🐰හියුන්ග්!!! හියුන්ග් ඔයා කොහෙද???!! හියුන්ග්!!!

👻(කූකි, කෑ ගහ ගහ ජින්ව හොයන්න ගත්තා පඩිපෙල බහින ගමන්.. කූකිගෙ කෑ ගැහිල්ල නිසා ටේ, මින් දෙන්නත් කාමරේ ඉදන් දුවගෙන ආවේ බය වෙලා.... කූකි පන දාගෙන පඩිපෙල බහිනවා දැකලා මින්, ටේ දෙන්නත් කූකි පස්සෙන් එන්න ගත්තා.. කලබලේට කූකිට එක පඩියක් මඟහැරිලා පඩි තුන හතරක් උඩින් බිමට වැටුනා..)

🐯🐣කූකි!!!!!!!!!!!!!!!!!!!

👻(ටේ, මින් දෙන්නා කූකි කියලා කෑගහන සද්දේ ඇහිලා ජින් පන කඩාගෙන දුවගෙන ආවේ අඬ අඬ හිටියේ කියලත් අමතක වෙලා.. කූකිට වැටුන පාර ආයේ නැගිට ගන්නවත් කකුල් වලට පන නැති වුනා.. ජින් කාමරෙන් එලියට එද්දි කූකි බිම වැටිලා ඉන්නවා දැකලා ජින් දුවගෙන ආවා.. ටේ, මින් දෙන්නත් පහලට දුවගෙන ආවා..)

🐹කූකි ඇයි මොකද්ද වුනේ?? වැටුනද?? මොනවහරි වුනාද??

👻(ජින් බිම ඉදන්ම කූකිව උඩ ඉදන් පහලටම බලන්න ගත්තා...කූකි එවෙලේ ගොඩක් ලොකු වේදනාවක හිටියේ.. යුන්ගි කියපු වචන දෝංකාර දෙන්න ගත්තා.. ඒත් එක්කම ජින්ට මොනවහරි වෙලා ඇති කියලා බයේ ඉදලා හොදින් ඉන්නවා දැක්කම පොඩ්ඩක් හුස්ම ගන්න කූකිට මතක් වුනා.. කූකි පුලුවන් තරම් දරාගෙන හිරකරගෙන හිටියා තමන්ගේ වේදනාව..)


🐰හියුන්ග් මොකද වුනේ?? ඔයාට මොකක්හරි වුනාද??

👻(ජින් තමන් ඇඬුවා කියන එක හංගන්න අහක බලාගත්තා. කූකි, ජින්ගෙ මූන තමන්ට හරවගත්තා....)

Death Kiss 💀 💋 [COMPLETED]Tahanan ng mga kuwento. Tumuklas ngayon