10🖤🌹

568 117 26
                                    

👻Deity-

......................................

🐥අහ් මගෙ ඔලුව... කවුද මේ??.. කූකි ද??

👻(මින් උදේ ඇහැරෙද්දි එයාගෙ ඇඳ එහාපැත්තෙ එයාගෙ අතින් අල්ලගෙන කෙනෙක් නිදාගෙන හිටියා.. කූකි ද කියලා පොඩ්ඩක් නැමිලා බලද්දි දැකපු දෙයින් මින් ට විනාඩියකට හුස්ම ගන්නත් අමතක වුනා.. ඒ වෙන කවුරුත් නෙමෙයි ඉතින් ටේ තමා.. ටේ එයාගෙ එහා පැත්තෙ මේ විදිහට ඉන්න එකට මින් ආස කරා හරිද.... ඊයෙ රෑ වෙච්ච දේවල් ටිකෙන් ටික මතක් වෙද්දි මින්ගෙ මූන ඉබේම රතු වෙන්න ගත්තා ... ටේට ඊයෙ මොකද වුනේ කියල අහන්න ඕනෙ වුනත්, තමන්ගෙ අතින් අල්ලගෙන පොඩි බබෙක් වගේ නිදාගෙන ඉන්න ටේ දිහා මින් බලාගෙන හිටියේ ඇස් පිල්ලම් වත් ගහන්නේ නැතුව...)


🐯 ඔහොම එකදිගට බලන් ඉන්න එපා.. මගෙ මූනෙ හිලක් හැදෙයි...

🐥මන් ඔයා දිහ බැලුවෙ නෑ....

👻(ලැජ්ජාවට ටේගෙ අත ගසලා දාලා මින් අහක බලාගත්තා.)

🐯ඊයෙ හිටපු විදිහට, හරි නම් මේකෙ අනිත් පැත්ත නෙමෙයි ද වෙන්න ඕනෙ?? මමයි හරිනම් ඇදේ ඉන්න ඕනෙ.. කොහෙද ඉතින් මගෙ angel පොඩි දේටත් කලන්තෙ දානවා කියල කවුද හිතුවේ...

🐥පොඩි?? එහෙම දෙයක් නැහැ... මම පොඩ්ඩක් බය වුනා. එච්චරයි.. අනික මේක මගේ.... නැ... පොඩ්ඩක් ඉන්න.. මොන angel?? ඔයාගෙ angel?? ඊයෙ වෙනකන් තටු කැඩුන angel දැන් ඔයාගෙ වුනේ කොහොමද??

🐯එහෙනම් ඊයෙ රෑ වෙනකන් හිපාටුවා එකපාරට ඊයෙ රෑ ටේ වුනේ කොහොමද??

🐥බය වුන වෙලාවට ඕනෙ කෙනෙක් බයිලා කියවනවනේ... අනික.. එහෙනම් ඔයා මොකද ඊයෙ .....

🐯කිස් කරේද???

👻(ටේ හිනා වෙවි කියන්න ගත්තා. නොපෙන්නුවත්,කවදාවත් නැතුව මින්ට ඒ හිනාවට ආස හිතුනා... ටේ කිසිම පැකිලීමක් නැතුව එකපාරම එහෙම කිව්වාම, මින්ට තවත් ලැජ්ජා හිතුනා..)

🐥නෑ.. එහෙම නෙමෙයි... එහෙම මගුලක් නෙමෙයි... ඔයා එකපාරට කොහෙටද අතුරුදහන් වුනේ?? ඔයාට මොකද වුනේ?? ඔයා කොහොමද මගේ කාමරේට ආවෙ?? අනික ඔයාට කොහොමද එක පාරට සිහිය ආවේ??

🐯අම්මෝ අම්මෝ ..! එකපාර එකක් අහනවද?? ඔයා මේ පොඩි එකා වගේ කලන්තෙ දාල වැටිලා සිහිය ආවට, මම තාම අමාරුවෙන් ඉන්නේ...

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now