31 🖤🌹

412 100 30
                                    

👻Deity-

.........................................................................


👻(යුන්ගි ලේ පිහදනවා මිසක් වචනයක් වත් කිව්වේ නැහැ.. මොකද එයා දන්නවා කතා කරන්න ගත්තොත් අනිවාර්යෙන් එයා අඬනවා කියලා. යුන්ගි දන්නෙත් නැහැ කූකි හොඳ වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා.. මොකද එයා කූකි ලගින් ඉද්දි හැමදාම හොඳ වුනා කූකිට.. එයා ආවට පස්සේ කූකි ටිකක් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න ගත්තා. කලින් තරම් නහයෙන් කටින් ලේ ගැලුවේ නැහැ. ඒ වුනාට කූකි ඉන්නේ මැරෙන්න ඕනේ ඒත් මැරෙන්න බැරි තත්වෙක කියලා දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා... කූකිගෙ ඇස් වැහෙන්න ආවත් කොහොමහරි ඇරන් හිටියේ යුන්ගි ඉන්න නිසා.. යුන්ගි වචනයක් වත් කියන්නෙ නැති නිසා කූකි අමාරුවෙන් තමන්ගේ මූන පිහදාන යුන්ගිගෙ අතින් අල්ලගත්තා..)



🐰කීය...කීය වෙනකන්...ඕකම..කරනව...ද?? මට..කෙලින් වෙන්න... උදව්...කරන්න...පුලුවන්..ද??




👻(යුන්ගි උත්තරයක් දෙනවා වෙනුවට කූකි කියපු විදිහට කූකිව ඇදේ ඉන්දවලා එහාට යන්න හැදුවත් කූකි, යුන්ගිගෙ අතින් ඇද්ද නිසා යුන්ගිවත් එතනිම්ම ඉන්දවුනා... කූකි, යුන්ගිගෙ උරහිස්ස උඩින් ඔලුව තියාගත්තේ මැරෙනවා නම් යුන්ගි ගාවම මැරෙනවා කියලා හිතාගෙන..)





🐰ඇයි...තාම..තරහ..ද..මාත්..එක්ක??



🐱වෙන්දා වගේ හියුන්ග් කියලා කතා කරන්න බැරිද?? වෙන්දා වගේ මන් දිහා බලලා හිනාවෙන්න බැරිද ??


👻(යුන්ගි අන්තිමට වචනයක් කිව්ව නිසා කූකි අමාරුවෙන් ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවා. යුන්ගි බිම බලාගෙන හිටියේ කූකිගෙ මූන බලන්න බැරි නිසා..)





🐰හියුන්ග්...මන්...මන් දිහා..බලන්නකො....



👻(හියුන්ග් කියලා කියනවා ඇහුන ගමන් යුන්ගි මෙච්චර වෙලා හිර කරන් හිටපු කඳුලු ටික, වේදනාව කෑගහලා අඬලා පිට කරන්න ගත්තා..)



🐰හියුන්ග්.....



🐱මට සමාවෙන්න... මට සමාවෙන්න කූකි.. ඔයාට රිද්දන්න හිතුවේ නැහැ... මන් ගියා කියලා ඔයාට මෙහෙම...මෙහෙම වෙයි කියලා මම හිතුවේ..නැහැ.. මන් නිසා අනතුරක්..වෙන්න ඕනේ නැති නිසයි..ඔයාගෙන් ඈත් වෙන්න හැදුවේ...කූකි..සත්තයි රත්තරන්..මන් මේ කිසිම දෙයක්..දැනන් හිටියේ නැහැ..මාව පිලිගන්න..ප්ලීස්..





Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now