27🖤🌹

445 100 9
                                    

👻 Deity-

....................................................

👻(ජූන්ට හුස්ම ගන්නත් අමතක වුනා.. මේ කරන දේ, මේ දැනෙන දේ වැරදි කියලා හිත කොච්චර කිව්වත් ජූන්ට ජින්ගෙන් ඈත් වෙන්න බැරි වුනා.. ජින්, ජූන්ගෙන් ඈත් වුනේ, ඒ පුදුම වුන මූන දිහා බලාගෙන හිනා වෙන ගමන්මයි..)

🐹මොකද්ද ඔයා කිව්වේ?? හැගීම් දැනෙන්නේ නැහැ?? ඔයා දන්නවද ජූන්, ඔයාගේ මූන දැන් කොයි වගේද කියලා..??

🐨ජින් මම...

🐹ඔයා ආදරේ කරත් නොකරත් ඔයාට කවදාවත් මම බල කරන්නේ නැහැ.. ඔයා වගේ immortal නැහැ මම. ඒ හින්දා ගොඩක් කල් ගන්නේ නැතුව ඔයාගෙ හැගීම් පිලිගන්න ජූන්.. නැත්තම් පරක්කු වැඩි වෙයි..

👻(ජූන්ට ජින් කියපු හැම වචනයක් ගැනම රිදෙන්න ගත්තා.. ජින් ගාවට යන්න ඕනේ, බදාගන්න ඕනේ කියලා කොච්චර හදවත කිව්වත් ජූන් තමන්ගේ ප්‍රතිපත්ති වලින්, yuan කෙනෙක්ට කවදාවත් ආදරේ කරන්න බැහැ කියන එකෙන් පිට පනින්න කැමති වුනේ නැහැ....

ජූන්ගෙන් කිසිම උත්තරයක් නැති නිසා ජින්, ජූන්ගෙ ඔලුව අත ගාලා,)


🐹මේක ඇතුලේ මොනවද ඔයා හිතන්නේ කියලා මට දැනගන්න පුලුවන් වුනානම්. ලොකු යුද්දයක් වගේ ඇති නේද?? වෙලාව ගන්න. ඒත් ගොඩක් කල් ගන්න එපා ජූන්.



👻(එච්චරයි ජින් කිව්වේ. ජූන් දිහා බලලා ලාවට හිනාවෙලා ජින් එතනින් ගියා.. ජින් යන දිහා බලාගෙන ඉන්න විතරයි ජූන්ට පුලුවන් වුනේ.. කාටවත් ඇහෙන්නේ නැති වෙන්න දෙයක් ජූන්ගෙ කටින් පිට වුනා..)


🐨පිලිගන්න කැමති නැහැ නෙමෙයි ජින්, මන් yuan වෙලා ඉන්නකන් කවදාවත්ම ඔයාට ආදරේ කරන්න බැහැ මට.. ඒක ඔයාටත් අනතුරක්..තව ටික කාලයක් ඉන්න.. මන් ඉක්මනට එන්නම් ඔයා ගාවට ජින්..

👻(තප්පර ගානක් යන්න කලින් ජූන් එතනින් නැති වුනා.. මේ වෙද්දි ඔයාලා හිතුවද දන්නේ නැහැ ඒත් ජූන් හිමින් කියපු දේ කෙනෙක්ට ඇහුනා.ඒ යුන්ගිට..

කූකි බැල්කනියි එකට වෙලා උඩ පැන පැන ඉස්කෝලේ වුන දේවල් කියන විදිහ බලාගෙන යුන්ගි හිනා වුනත් පහල ජූන්, ජින්ට කියන හැමදෙයක්ම යුන්ගි අහන් හිටියේ.. ජූන් අන්තිමට කියපු දේ,

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now