30🖤🌹

394 94 3
                                    

👻Deity-

.......................................................................

👻(මින් පලවෙනි පාරට Yuanගෙ ගෙදරට ආවේ.. කොහෙන්ද යුන්ගිව හොයන්නේ කියලා හිතා ගන්න බැරුව ඉද්දි කූකිගෙ නම කියල උඩ තට්ටුවෙන් කෑගහනවා ඇහුන නිසා මින් පුලුවන් තරම් වේගෙන් උඩට දුවගෙන යද්දි යුන්ගි පිස්සුවෙන් වගේ දගලනවා දැක්කා මින්..)

🐣දැන්වත් තමුසෙට කූකි මතක්වුන එක ගැන සතුටුයි යුන්ගි.

👻(මින්ව දැක්ක ගමන් යුන්ගි,ජූන්වත් පෙරලගෙන මින් ගාවට දුවගෙන ගියා..)

🐱මින්..කූකි..කූකිට මොකක්හරි වුනාද?? නැහැ නේද??

🐣තමුසේ කොහොමද ඒ ලමයට එහෙම කරේ....

🐱මම එයාගෙම හොඳට කරේ..මගෙන් ඈත් වෙන තරමට හොඳයි කියලා හිතුනා.. මම දැනුයි දන්නේ....

🐣කූකිගෙ True Lover ඔයා කියලා.. ඒ නිසා තමුසේ බේරුනා කියලා හිතගන්නවා.. කූකිට හොදටම අමාරු වෙලා ඉන්නේ.. කතා කර කර ඉන්නවත් වෙලා නැහැ.. ඉක්මනට එනවද??

🐱හරි...

ර්‍At Kookie's Home 🏡,

👻(යුන්ගි කෙලින්ම ආවේ කූකිගෙ කාමරේ බැල්කනියි එකට.. ටේ, කූකි ගාව ඉදන් කූකිට සිහිය නැති වෙන්නේ නැති වෙන්න කූකි එක්ක කතා කර කර ඉන්නවා.යුන්ගි කාමරේ ඇතුලට එන්නත් කලින් එයාට ඇහුනේ කූකිගෙ කටින් තමන්ගෙ නම විතරක් පිට වෙන හැටි විතරයි..අඬන්නේ නැහැ කියලා යුන්ගි හිතාගත්තා....ඒත් එක්කම මින් ආවා කාමරේ ඇතුලට..යුන්ගි අඬන්න ඔන්න මෙන්න වගේ කූකි දිහා බැල්කනියි එකට වෙලා බලාගෙන ඉන්නවා මින් දැක්කා..)

🐯මින්....

🐣ඇතුලට එන්න යුන්ගි....

👻(මින් කාටද කතා කරන්නේ බලන්න ටේ හැරිලා බලද්දි තමා දැක්කේ තමන්ගේ පිටිපස්සේ යුන්ගි ඉන්නවා.. කූකිත් අමාරුවෙන් ඉස්සුනේ යුන්ගි කියන නම ඇහුන නිසා..යුන්ගි ලොකු හයියක් අරන් මොන හේතුවක් නිසාවත් අඬන්නේ නැහැ කියලා හිතාගෙන කාමරේ ඇතුලට ආවා..ටේ කොච්චර පිහදැම්මත් කූකිගෙ කටින් ලේ ගලන හැටි දැකලා යුන්ගි අත මිටි මොලවා ගත්තා..)

🐱දෙන්නටම එලියට යන්න පුලුවන්ද අපි දෙන්නට ටිකක් තනියෙන් ඉන්න දීලා...

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now