"ඔය දෙන්නම, වාඩි වෙන්න. මං ජිමින් අන්කල්ටයි යූජිටයි මෙතනට කතා කරන්නම්." කිව්ව ටේහ්‍යුන් ජිමින්ට මනසින් සම්බන්ධ වුනා.

වැඩි වෙලාවක් යන්න කලින් ජිමින් වගේම යූජි පහළ තට්ටුවට ඇවිදන් ආවා, ජිමින් ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් වාඩි වෙන අතරේ යූජි අයිලාගෙ එහා පැත්තෙන් වාඩි වුනා.

වැඩි වෙලාවක් යන්න කලින් ජිමින් වගේම යූජි පහළ තට්ටුවට ඇවිදන් ආවා, ජිමින් ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් වාඩි වෙන අතරේ යූජි අයිලාගෙ එහා පැත්තෙන් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජිමින්, ඔයා මේ දෙන්නට කැලේ දුවන්න අවසර දුන්නද? ඒ දෙන්නට විතරක්?" ටේහ්‍යුන් ඇහුවා. නෑ කියලා අඟවමින් ජිමින් හිස දෙපැත්තට වැනුවා. අයිලා ගැස්සුනත් යූජි නම් ඒ විදිහටම හිටියා.

"යූජි, ඔයා කිව්වා එයාලා අපිට අවසර දුන්නා කියලා?" අයිලා කිව්වා.

"මොකක්? නෑ. මං කිව්වෙ සමහර විට අපි ලොකු කෙනෙක්ව අරන් යනව නම් එයාලා අපිට කැලේ දුවන්න අවසර දෙයි කියලා." යූජි කිව්වා.

"ඒත් ඔයා කිව්වෙ අපි දෙන්නට විතරක් අවසර දෙයි කියලනෙ." අයිලා පිළිතුරු දුන්නා.

"නෑ. මං එහෙම කිව්වෙ නෑ. මං ලූනටයි හෙඩ් ඇල්ෆටයි පොරොන්දු උනා." යූජි කිව්වා.

"ඇයි ඔයා ඔයාගෙ අප්පගෙයි පපාගෙයි නරක පැත්තට මාව ඇදලා දාන්න හදන්නෙ? මං ඔයාගෙ මේට් මතකද?" යූජි කිව්වම අයිලා පුදුමයෙන් ගැස්සුනා.

"I'm sorry යූජි. සමහරවිට මං ඔයාට හරියට ඇහුම්කන් දීලා නැතුවැති." අයිලා කිව්වා.

"ඕන දෙයක්. මං යනවා උඩ තට්ටුවට." කිව්ව යූජි උඩ තට්ටුවට වේගෙන් වේගෙන් ගමන් කලා.

"මටත් ඕන දෙයක්. ආයිත් මගෙ පස්සෙන් දුවන් එන්න එපා." කිව්ව අයිලා එළියට ගියේ එයාගෙ නිවුන් සහෝදරයාව හොයා ගන්න.

"දෙන්නටම ඒක ගොඩක් අමාරු වෙයි වගේ. දෙන්නම true blood alpha ලනෙ." ජිමින් කිව්වා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now