විනාඩි කීපයක් ගියා. සැනසීමෙන් හුස්මක් හෙළපු ටේහ්‍යුන් ආපහු ඇඳ දිහාවට ඇවිදන් ගියා. ලස්සනට හිනා වුනු ටේහ්‍යුන් ආයිත් තුරුල් වෙන්න කියලා ඇඳට යන්න හැදුවත් එයා එකපාරටම නැවතුනේ හදිසියේම එයාගෙ උදරයෙන් වේදනවාක් දැනුන නිසා.

"ආහ්හ්හ්!!" ටේහ්‍යුන් කෑගැහුවා. එයාට හොඳටම විශ්වාසයි ඒක චූටි ඇල්ෆගෙ පහර දීමක් නම් නෙමෙයි කියලා.

"Love, මොකද උනේ?" කලබලෙන් ඇහුව ජන්ග්කුක් එයාගෙ මේට් ගාවට දුවලා ගිහින් එයාට ඇඳෙන් වාඩි වෙන්න උදව් කලා. ඒ උනත් වේදනාව ඇඟ පුරාම දුව යන ටේහ්‍යුන්ට නම් අඩියක්වත් හොල්ලන්න බැරි වුනා.

"කුකී. ඇවිදින්න බෑ. ගොඩක් රිදෙනවා!" තවත් වේදනාවක් දැනුන නිසා ටේහ්‍යුන් කෑගැහුවා.

ජන්ග්කුක් දැනන් හිටියෙ නෑ කරන්න ඕනෙ මොකද්ද කියලා. වේදනාවෙන් අඬන එයාගෙ මේට්ව එයා නිකන්ම අල්ලගෙන හිටියා. ජන්ග්කුක් ටේහ්‍යුන්ව වඩාගෙන ඇඳෙන් වැතිරෙන්න උදව් කරන්න හැදුවත් එයා දැක්කා ටේහ්‍යුන්ගේ කකුල් අතරින් දියරයක් ගලාගෙන යනවා.

"ඔයාට ආයිත් වොශ්රූම් යන්න ඕන උනාද?" ටේහ්‍යුන් දිහා බලමින් ජන්ග්කුක් ඇහුවා.

"ඔයා මොනවද කියවන්නෙ? පිස්සුද එහෙම නෑ!" එන්න එන්න වැඩිවන වේදනාව දරගාන්න බැරුව ටේහ්‍යුන් කෑගැහුවා.

ජන්ග්කුක්ගේ ඇස් ලොකු වුනා, එයාගෙ මූන සුදුමැලි උනත් තොල්වල හිනාවක් තියෙනවා දිස්වුනා.

"Love, ඔයාගෙ water broke වෙලා!" ජන්ග්කුක් උද්‍යෝගයෙන් කෑගැහුවා.

"අපි දැන්ම හොස්පිට්ල් යමු. Oh my god love!" ආයිත් කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ව වඩා ගන්න නැමුනා.

"ජන් ජන්ග්කුක් අඩු ගානෙ විනීත ඇඳුමක්වත් ඇඳගන්න! මට දැන් කියන්න එපා ඔයා ඔය බොක්සර් එක පිටින් හොස්පිට්ල් යන්නෙ කියල නම්!" වේදනාව අතරින්ම ටේහ්‍යුන් කෑගැහුවා.

හිනාවුනු ජන්ග්කුක් ටේහ්‍යුන්ව වඩාගෙන couch එකෙන් ඉන්දුවා.

"හරි." හිනාවුනු ජන්ග්කුක් closet එකට දුවන් ගිහින් ඉක්මනට ඇඳුමක් ඇඳගත්තා. ඊටපස්සෙ එයා ආපහු වේදනාවෙන් කෙඳිරිගාන එයාගෙ මේට් ගාවට දුවලා ගියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें