ඒක දැඩි සිපගැනීමක් වුනත් රාගය ඒකෙ තිබුනෙ නෑ. ඒක ආදරයෙන්, ක්‍රියාවෙන් විතරක් ප්‍රකාශ කරන්න පුලුවන් හැඟීම් වලින් පිරිලා තිබුනා. හුස්ම ගන්න ඕනෙ කියලා තේරුනාම දෙන්නම ඈත් වුනා. නළලට නළල තියාගත්ත දෙන්නම තවමත් ඇස් වහගෙන හිටියා.

"ගෝෂ්! මං ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා ටේ." ජන්ග්කුක් කෙඳිරුවා. මේ අතරේ ටේහ්‍යුන් එයාගෙ මේට්ගෙන් එකපාරටම ලැබුනු ප්‍රකාශයෙන් රතු වුනා.

"මාත් ඔයාට ආදරෙයි, ඇල්ෆා." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හිනා වුනා. ඒක අව්‍යාජ හිනාවක්. ටේහ්‍යුන් එයාට ඇල්ෆා කියලා කතා කරනකොට ජන්ග්කුක් අවංකවම ඒකට ගොඩක් කැමති වුනා. ඒ දෙන්නා ආදරෙන් එකතු වෙන වෙලාවට එයාගෙ ඔමේගා එයාට ඇල්ෆා කියලා කතා කරන හැටි එයාට මැවිලා පෙනුනා. එයාගෙ මේට් එයාට ඇල්ෆා කියලා කතා කරන්න යන වෙලාවට එයා ගොඩක් උද්‍යෝගිමත් උනා. වෙන අය තමන්ට ඉහළින් ඉන්න කෙනාට ඩැඩී කියලා කතා කරනකොට දැනෙන හැඟීමම තමා එයාට ඇල්ෆා කියලා කතා කරනකොට දැනෙන හැඟීමත්, ඒත් ජන්ග්කුක් නම් වැඩි මනාපයක් දැක්වූවේ එයාගෙ මේට්ට ඇල්ෆා වෙන්න විතරයි.

"මට යන්න තියෙනවා කුකී. ඔයාට මං නැතුව පාළු දැනෙන්න කලින් මං ආපහු එන්නම්." කිව්ව ටේහ්‍යුන් නැගිටලා එයාගෙ ඇඳුම හදාගත්තා.

"ඒත් මට දැනටමත් ඔයා නැතුව පාළුයි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිනා වුනා.

"කුකී, මං තාම අපේ කාමරෙන් එළියට ගියෙවත් නෑනෙ." ටේහ්‍යුන් පිළිතුරු දුන්නා.

නැගිට්ට ජන්ග්කුක් ටේහ්‍යුන්ව පිටිපස්සෙන් බදාගත්තා.

"ඔයා පරිස්සම් වෙනවා කියලා පොරොන්දු වෙන්න හ්ම්ම්? හැම වෙලාවෙම මට අප්ඩේට් දෙන්න." කිව්ව ජන්ග්කුක් ඔමේගගෙ බෙල්ලේ මෘදු හාදුවක් තිබ්බා.

එයාගෙ මේට්ගෙ සුවඳ වෙනස් වෙනවා තේරුනු ජන්ග්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනා. ඒක ශක්තිමත්, මිහිරි වගේම ටේහ්‍යුන්ගේ උද්දීපනයත් එක්ක මිශ්‍ර වුනු සුවඳක් වුනා.

"නැත්තන් ඔයාට ඕනෙ ගෙදර නැවතිලා... make love to me? ඔයාගෙ අප්පා කිව්වා ඒක අපේ පැටව්න්ට හොඳයි කියලා." ජන්ග්කුක් කිව්වා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now