එයාගෙ ලේ තැවරුනු මූන දිගේ කඳුලු ගලාගෙන ගියා, එයාගෙ හුස්ම ගැනීම අසමානයි, එයාගෙ මුලු ඇඟම සීතලටත් වේදනාවටත් වෙව්ලනවා, එයාගෙ තුවාල වල තිබුනු රුධිරය ටික ටික වේලෙන්න පටන් අරන්. එයාගෙ මුලු සිරුරම හැමදේකින්ම හෙම්බත් වෙලා තිබුනා.

"ටේ, අපිට අපේ මේට්ව ඕනෙ. අපි ගොඩක් දුර්වලයි." V කිව්වා.

"ඔයාට වගේ මටත් එයාව ඕනෙ, V. ඒත් මට දැන් කිසිම බලාපොරොත්තුවක් නෑ. මං හිතන්නෙ අපි ඇත්ත පිළිගන්න ඕනෙ, මේක තමයි අපේ අවසානය." ඉකි ගහමින් ටේහ්‍යුන් කිව්වා.

"මට සමාවෙන්න පැටව්නේ. පපාට ඔයාලව ආරක්ෂා කරන්න බැරි වුනා. මං දන්නවා ඩැඩා අපි ගැන ගොඩක් වද වෙනවා ඇති, අපිව හොයනවත් ඇති. ඒත් එයාලට කාලෙ මදි. මට සමාවෙන්න, මට තියෙන powers මට එළියට ගන්න බැරි උනා. මට සමාවෙන්න මගෙ චූටි පැටව්නේ." තෙමසක් වයසැති එයාගෙ උදරය පිරිමදින ගමන් ටේහ්‍යුන් හයියෙන් අඬන්න පටන් ගත්තා.

උන් එයාට දීලා තියෙන පුංචි ඇඳට ආපහු නැගිටලා යාගන්නවත් බැරි තරමට දුර්වල බවක් එයාට දැනුනා. විනාඩි කීපයක් ගෙවුනම සීතල සිමෙන්ති පොළවේ බිත්තියට බර වෙලා හිටපු එයාට එතනම නින්ද ගියා.

Jungkook's side story 💜️

ඊළඟ දවසේ, උදෙන්ම නැගිටපු ජන්ග්කුක් ආයිත් ටේහ්‍යුන්ව හොයන්න පිටත් වුනා. එයා ඊයෙ රෑ නිදාගන්නෙත් නැතුවම ටේහ්‍යුන්ව දිගටම හෙව්වා , එයාගෙ චූටි පවුල ගැන හිතමින් එයා මුලු රෑම ඇඬුවා. එයාට ගෙදර යන්න පවා ඕන වුනේ නෑ, ඒත් යුන්ගිටයි නම්ජුන්ටයි ස්තුතිවන්ත වෙන්න එයාලට පුලුවන් වුනා ජන්ග්කුක්ට බල කරන්න. ටේහ්‍යුන්ව හොයලා හොයලා, හැමතැනම දුවලා එයාලට ගොඩක් මහන්සියි. ඒත් වාසනාව එයාලගෙ පැත්තෙ තිබුනෙ නෑ.

තමන්ගේ මේට්ව හොයාගැනීමේ අරමුණින්, ජන්ග්කුක් එයාගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වුනා. එයාලගෙ තත්ත්වය ගැන ජන්ග්කුක් වද වුනා, එයාගෙ චූටි පවුල එයාට නැති වුනොත් මොකක් වෙයිද කියලා එයා දැනන් හිටියෙ නෑ. එයාට අත් හරින්න ඕන වුනත් එයාට පොඩි බලාපොරොත්තුවක් ඇති වුනේ මොකද තාමත් එයාගෙ මේට් ජීවත් වෙනවා කියලා එයාට දැනුන නිසා, ඒ වුනත් එයා හොඳ තත්ත්වයකින් නෙමෙයි ඉන්නෙ කියලා එයාට දැනුනා. එයාගෙ පුංචි පවුල ඉන්නෙ කොහෙද කියලා කවුරුහරි එයාට මාර්ගය පෙන්නන්න කියලා එයා යාඥා කලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now