79

861 137 50
                                    

18+ සිදුවීම් අඩංගු බැවින් එවැනි දෑ වලින් අපහසු තාවයට පත් වන හෝ කියවීමට අකමැති අය කියවීමෙම් වලකින මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.

මෙච්චර කට්ටියක් මේ කොහෙ යන්නද "
මිදුලට දාලා නතර කරපු වෑන් එකෙන් සදම් අයියා බැහැගෙන එනකොට මන්ධීර් ඇහුවා .

"හනිමූන් "

"ම්.මොන හනිමූන් "

"ඇයි  . උබලා දෙන්නගෙ හනිමූන් එක "

මාමා කියනකොට අපි දෙන්නා මූණට මූණ බලාගත්තා .

දෙපාරක්ම අපෙ පැණි හදේ ගමන කඩාකප්පල් කරපු මනුස්සයාම අපි ව හනිමූන් එක්ක යන්න හදනකොට යකෝ මොනා නොහිතෙන්නෙ නැද්ද .

"මෙච්චර ගොඩක් " මන් ඇහුවේ වාහනේ අස්සෙන් ඔලු එලියට දාගෙන් ඉන්න කට්ටිය දිහා බලා ගෙන

යශ් අයියා ඩ්‍රයිවින් සීට් එකේ
චූටි අයියා
අපෙ චේතා
ශේන් අයියා
සදම් අයියා අපේ සෙට් එකගෙ බෑග් වාහනේට දානවා .
බාප්පොච්චා එයාට උදව් කරනවා 
ඒ අස්සෙ සුද්දයි නෙතාන්‍යයි .

යකෝ මෙච්චර ගොඩක්

"කියව කියව ඉන්නෙ නැතුව ගිහින් වාහනේට නැගපන් "

මාමා අපි දෙන්නව තල්ලු කරන් ගිහින් වාහනේට නැග්ගුවා ..

හරියට රෙද්දක් වත් ගත්තද දන්නෙ නෑ ඇදගන්න යන දීපාන්කරේක ගිහින් .

කොච්චර හොදට මේක ප්ලෑන් කරලද කියනව නම් යන්න විනාඩි තිහකට කලිනුයි අපි දන්නෙත් . බෑග් ලෑස්තිකරගෙන හදාගෙන ආවට මොකද යන්නෙ කොහෙද කියලා වත් අපි දන්නෙ නෑ ..

ගල්කිස්ස මූදු තීරය .. එහෙමත් නැත්තන් කොලඹ පුරවරයේ ලස්සනම වෙරළ තීරයේ ලස්සන විලා එකක් අපේ ගමනාන්තය උනා .

ඒ ගමනාන්තයට එන අතර මග ගැන අපි කතා නොකර ඉමු .

පැය තුන හතරක ගමන එන්න දවස් භාගයක් ගියා .

ඇයි ඉතින් අප්පත්තී අරක ඕනේ

බාපී මේක ඕනේ ..

අඩෝ අන්න ආප්ප කඩයක්

සුදු අයියේ මට බොන්න මොනා හරි ඕනා .

යකෝ කිලෝ මීටරෙන් මීටරේට මොනා හරි මගුලක් කියලා කෑ ගහනවා . මායි අපේ මිනිහයි නම් කරේ ඔහේ මුන්ගෙ විගඩම් බලාගෙන ඉන්න එක . ඇත්තම කිව්වොත් මට තාම අනත මනත වගෙ ඇයි යකෝ නැගිට්ට ගමන් නෙ මේ ආවෙත් .

ඒක දිග කතාවක් Where stories live. Discover now