75

892 145 50
                                    


"ආහ් වීරයා නැගිටලා වගේ "

"............"

"මොකද ඔලුව රිදෙනවද "

"මේක බොනවා "

"දැන් මොකද්ද උනේ "

"අර මිනිහා මට ගැහුවා . මටෝන්නෑ ඌව "

"හරියට එකක් කියපන් උබට ඕනේ ද ? එපාද "

"ඕනේ ඔනේ !! " මන් කිව්වෙ සමහර වෙලාවට මූ කියන මගුල් වලට අඩ අඩා ඉන්න කොට හිනා යනවයි කියන එක අසාධාරණයි ද ..?

"එහෙනම් එපා කිව්වෙ කලින් "

"එහෙම තමයි මට ඕනේ ."

"එතකොට දැන් මොකද්ද අර ප්‍රපෝසල් එක "

"ශේශාද්‍රිට "

"එතකොට ??"

"එතකොට කියන්නෙ !! " කොල්ලට නම් මල පැනලා වගේ .

"අමුතු එකක් නෑ . ඌ මගෙම තමයි . මා එක්ක සම්බන්දේ පටන් ගන්න උවමනාවක් තිබ්බෙ ඌට උනාට මේක ඉවර කරනවද නැද්ද කියලා තීරනේකරන්නෙ මම .

හොදින් බැරි නම් නරකින් හරි මගේ !!

මන් ගාව නෑනේ ඔයා මන් නැතුවත් ඔයා සතුටින් නම් එච්චරයි කියලා ලයින් .

මගේ නම් මගෙම තමයි .

ජීවතුන් අතර ඉද්දි බැරි නම් මරලා හරි මගේ කරගන්නවා "

යකෝ ඒකට නම් මගේ ඇගේ මවිලුත් කෙලින් උනා .

"මාමේ "

"ආ.. ඕ ..ක්.හැම් ක්.හැම් "

"අනේ මන්දා බන් උඹලා ඔක්කොම එකයි "

"ඔයා ඊයෙත් ඕක කිව්වා .."

"ඔව් කිව්වකිව්වා .. "

"පුතේ !! " ...."උඹ තනිවෙලා කියලා හිතන්න එපා . උබට ඕන දේකට මන් ඉන්නවා "

"ශේශාන් ව මරන්න උනත් ??" මට කොලාගෙ කට හඩ කලින් තරම් ම නැතත් ලාවට වගේ ඇහුනා .දෙයියනේ මේ කොල්ලගෙ ඔලුවේ තියෙන්නෙම මාව මරන්න නේ .මේයන විදියට පවුල් කෑවත් මැරෙන්න වෙනවා නොකෑවත් මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ .

"යෝ කොල්ලො . උබට ඕනේ මාවත් මිනි මරුවෙක් කරන්නද ..අනේ ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම් "

"ඇහුනනෙ උබට ඔන්න ලේසි නෑ හොදේ .. ඔය යන විදිහට උබව මරලා දාන සීන් එකක් තියෙන්නෙ .." හරිත පෝන් එකේ එහා පැත්තෙ ඉදගෙන කියනවා..

ඒක දිග කතාවක් Where stories live. Discover now