49

811 150 16
                                    

ආසම දේවල් දෙන්නෙ වටිනම අයට .
මේ පාර මම ඔයාට දෙන්නෙ මම ආදරේ කරන දෙයක් .

රන්

කිව්වා වගේම එයා සුද්දව පරිස්සම් කරන්න මට බාර දීලා ගිහින් තිබුණා .

විතානාරච්චි මන් හොයාගත්ත දේවල් හැටියට එයා එසේ මෙසේ පවුලක කොල්ලෙක් නෙවේ .අනුරාධා විතානාරච්චි පාර්ලිමේන්තු ඇමති තුමිය ගෙ මුණුබුරා තමයි යශෝදර විතානාරච්චි  කියන්නෙ.  ඉතින් එසේ මෙසේ කෙනෙක් ද හෙල්ත් ඇරෙන්න හැම ඉන්ඩ්‍රස්ටි එකේ ම බිස්නස් තියෙනවා . ඇත්තම කතාව නම් කෝටි ගණන් හම්බ කරන අපිත් ඒ පවුල එකක බලනකොට අහසට පොලව වගේ ලං වෙන්න තියා හිතන්න වත් බෑ . පවුල් පසු බිම මේ හැම දේම හොයා ගත්තත් මට යශෝදර ඉන්නෙ කොහෙද කියලා තාම හොයා ගන්න බැරිව ගියා . පොතේ හැටියට කොල්ලා යන්න ඕනේ විතානාරච්චි ෆැමිලි එකට උනත් කොල්ලා එහෙට ගිහින් නෑ . මන් දන්නෙ නෑ කොල්ලා මොන ලෝකෙක අතුරු දන් වෙලාද කියලා .පේරාදෙනියේ තියෙන විතානාරච්චි හවුස් එකට යනවා තියා ලං වෙන්නවත් බැරි තරම් . පිස්සු හැදෙනවා දෙයියනේ . මන් මොනාද කරන්න ඕනේ .

මන් බල බල හිටපු ෆයිල් එක දමලා ගහලා ශීට් එකට හේත්තු උනේ  ඔලුව පුපුරන්න තරන් රිදෙනකොට . මේ ඔලුව කැක්කුම නිසාම ශේනුගෙ කටේ බලේටම යශ් ව මීට් උනාම කොල්ලා කිව්වෙ පීඩනේ නිසයි එහෙම වෙන්නෙ කියලා . බේත් ජාති දෙක තුනකුත් ලියලා දුන්නා. නින්ද ගැන නම් කතා කරලා වැඩක් නෑ .

දැන් ඉතින් කුක්කු දීලා නිදි කරන්න කෙනෙක් නෑ නේ ඒක නිසා ශේශාන්ගෙ නින්ද ලෙෆ්ට් .

පුටුවක් උඩ දාලා තිබ්බ කෝට් එකත් අරගෙන පෝන් එකයි පර්ස් එකයිත් අරගෙන මන් යන්න නැගිට්ටෙ දැනටමත් රෑ අටත් පහු වෙලා නිසා . අද ගෙදර කවුරුත් නෑ මල්ලිලා සුද්දවත් එක්ක චූටිලහා ගිහින් කලුවර අන්දකාර ගෙදරට ගොඩ උන මම කාමරේට යනකන් ලයිට් එකක් දාන්නවත් කරදර උනේ නෑ . ඔව්වා නිවන්නත් මන් ආයේ පහලට එන්න එපැයි . මට බෑ ආයේ පහලට එන්න . කන්න ගත්ත බර්ගර් දෙකත් කාමරේ මේසෙ උඩින් තියලා මන් ගියේ වොශ් එකක් දා ගන්න .

ඒක දිග කතාවක් Where stories live. Discover now