65

780 138 44
                                    

"මේ අක්කා මොනාද පෙන්නන්න ඇවිත් නේ යශෝදර් "

මගේ ශර්ට් එකේ උඩම බොත්තමට ඇගිලි අරන් යන ගමන් එයා කිව්වා .

මට එයාව නවත්තන්න ඕනෙ උනේ . එයාගෙන් හංගලා එයාව රවට්ටන්න වත් , බොරු කරන්න වත් ඕනේ නැති නිසා මන් එයාට ඉඩ දීලා බලාගෙන හිටියා .

ශර්ට් එකේ බට්න් කිහිපයක් ම ඇරපු එයා මගේ බෙල්ල උඩ තිබුන කැලැල් පුරා ඇගිලි ගෙනිච්චා .. ඒවා දැවිල්ලා දාඩිය නිසා දැවිල්ල යි . මන් තද කරලා ඇස් පියා ගත්තා .

මගේ හදවත පිටට පනින්න තරම් වේගෙන් ගැහෙමවා . හුස්ම වැටෙන වේගේ ඕනාවටත් වඩා වැඩී කියලා දැනෙනවා .

ඒත් ශේශාන් එයාගෙ තිබුන හාත් පසින්ම වෙනත් ස්වරූපයක් . හරි සන්සුන් .

"ම්ම් "

එයාගෙ සද්දෙට මන් ඇස් ඇරියා . එයා මගෙ අතට සුද්ද කරපු පොටෝස් වගයක් දුන්නා වෙනකොට මාව ගල් ගැහුනා .

දෙයියනේ ඊයේ රෙස්ට් එකේදී සහේල් මාව වැටෙන්න යනකොට අල්ල ගත්ත පොටෝස් වගේම එයයි මායි කතා කර කර ඉන්න ඒවා .

"ශ්..ශෙ .."

"මන් ඔයාගෙන් මොකුත් ඇහුවේ නෑ වස්තුව "

මන් කට ඇරියේ ඒ කවුද මොකද්ද උනේ කියලා පැහැදිලි කරන්න උනත් එයා මගේ වචන කපලා දැම්මා .

"එන්නකො "

එයා මාවත් එක්ක ගිහින් වාඩි වුණා . මාව එයාගෙ කකුලක් උඩ ඉන්දගෙන කලින් හිටපු තැනම වාඩි වුණා ..

"තවත් මොනාද හුරතක් කරන්නෙ ශේශ් .. ඔයාටම හොදට පේනවනෙ මූ දිහා බැලුවහම කොහෙ ගිහින් ද ඇවිත් තියෙන්නෙ කියලා "
අක්කණ්ඩි කටු බැල්ලියෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා .

"ශර්ට් එක ගලවන්න යශෝදර "

එයාගෙ විධානෙට මන් කීකරු උනා . ජීවිතේ කිසිම දවසක මන් මෙච්චර බය වෙලාවත් අසරණ වෙලාවත් නෑ ..

වචනයක් වත් නොකියා මන් එයාට කීකරු උනා . ශර්ට් එක මගෙ උරහිස් වලින් ගැල විලා ගියා .

"ට්‍රැෆික් එකට අහු උනා බන් ඒකයි වෙලා ගියේ " මන් ඇස් ලොකු කරගෙන ඉස්සරහා බැලුවා . ඒ කටහඩ දෙයියනේ සහේල් ..

ඒක දිග කතාවක් Where stories live. Discover now