08

1.1K 180 16
                                    

"කව්ද බන් ඒ වාහනේ " අප්පච්චි වාහනේ සද්දෙට මිදුලටත් ඇවිල්ලා...

" account  ක්ලාස් එකෙ සර් අප්පච්චි...අර මන් කිව්වේ අපේ සර් කෙනෙක් එයාගෙ එයාගෙ අයියට අපෙ ක්ලාස් එක දුන්නයි කියලා ඒ දෙන්නා..."

" ආ....විගහට ඇගපත හෝදන් වරෙන් ...ළිං ගානේ බඩ ගාන්නෙ නැතුව බාතෲම් එකෙන් හෝදපන් "

"හා..හා.."

මොකද්ද අප්පා මේ සබන් කෑල්ල ...පට්ට සුවදයි නේ..වෙලහකට චේතා තමා උස්සන් ඇවිත් තියෙන්නේ...ඒ...කොහෙවත් යනකොට නම් මේ මගුල ගාලා යන්න හොද නෑ ...

මන් ඇග් හෝදගෙන එන ටිකට චේතා නම් තේත් හදාගෙන ඌ මට කලින් ඇග හේදුවනෙ ඉතිම්..මන් පෝන් එක ඔබ ඔබා ඉන්න කන් ...

"අප්පච්චිලා කෑවද "

චේතා දික් කරපු තේ බාගෙන් උගුරක් බොන ගමන් මන් ඇහුවා..

" නෑ තාම..සුද්දා නම් නිදි ...ගස් බඩ ගාන්ඩ ගිහින් වැටිලා ...වැලමිට ඇනගෙන "

"ආහ් මොකක් !"

මේ පොඩි පගයටත් බෑ නේ එක විදියට ඉන්ඩ ..බැරි මගුල්ම කරන්න යනවා..

මන් ඔහොම්ම ඔලුව දැම්මේ අප්පච්චි ගෙ කාමරේට...කොට්ටයක් උඩ අතත් දිග ඇරගෙන නිදි... නින්ද ගියාම නම් අහිංසකයා..මන් ඔලුව අත ගාලා නලළට හාදුවකුත් තියලා එන්න ආවා...

" මොකුත් ගෑවෙ නැද්ද අප්පච්චි "

මන් අප්පච්චි රත් කරපු නූඩ්ලස් බෙදාගන්නගමන් ඇහුවා..

" බාම් ටිකක් ගෑවා..අව්ලක් නෑ ...බලමු හෙට වෙද්දි..."

අපි ටිවි එක ඉස්සරහා ඉදගෙන කන්න ගත්තා.. රෑට කන්න නූඩ්ලස් හදලා...

" කව්ද බන් ඔය උබලා ව ගෙනත් දැම්මයි කියන සර්.."අප්පච්චි නලලත් රැලි කරගෙන ඇහුවා..

" මල්ලි ශෙනාල් ...අයියා ශේශාන් ...කලින් ක්ලාස් කරෙ මල්ලි...දැන් කරන්නෙ අයියා.."

චේතා තාත්තට විස්තරේ කිව්වා...

" අබේගුණවර්ධන සර් නේම් එක ...අප්පච්චි දන්නවද "

මන් අප්පච්චි දිහාවට බැල්මක් දාලා ඇහුවා...

" නෑ බන් ...දැනගෙන ඉන්න එපැයි මොකටත් කව්ද කින්ද මන්ද කියලා ...අද කාලේ වෙන දේවල් හැටියට .."

ඒක දිග කතාවක් Where stories live. Discover now