51

793 143 14
                                    


සමහර දවස් තිබුනා එයාට මම කවුරුත් නෙවෙයි කියලා , මම පණ දාගෙන ආදරේ කරන එකාට දවසක උගේ සතුට ගාවට යන්න දෙන්න ඕනයි කියලා මගේ හිත පිස්සු නැටුව . මගේ හදවත ගිනි ගත්ත . ඒත් ඒ හැම දවසකම කහපාට  සුදු පාට පිටු අස්සෙ මට සැනසීමක් හොයලා දුන්නා. එයා මට දීපූ, මන් ලෝභ කමින් පිටුවෙන් පිටුව හරි පරිස්සමට කියවපු, පොත් එකින් එක දුඹුරු පාට කවර වලින් එලියට එනකොට දින සති මාස ගනන් ගෙවිලා ගිහින් අවුරුද්දක් ගෙවිලා ගියා .

මේ අවුරුද්දක කාලේ තුල ගොඩාක් දේවල් සිද්ද උනා . ප්‍රධානම දෙයක් නම් මන් යශෝදරගේ ඇමති අත්තම්මා ව හම්බේන්න ගිය එක . මොකද මම හොයා ගත්තා හේම වටේ අපි වටේ කැරකුණ මිනිස්සු එයාගෙන් කියලා . ඉතින් මට එයාගෙ ගෙදරටම ගිහින් පැහැදිලිව එයාට කියලා එන්න සිද්ධ උනා යශෝදර ආපහු එනකන් හේම කියන්නෙ මගේ බාරකාරිත්වය යටතේ ඉන්න මගේ වගකීමක් කියලා .

" මේ ඉලන්දාරියා දන්නවද මන් කව්ද කියලා " ඒක තමයි මට ලැබුන ප්‍රතිචාරය .

"ඔයා කවුරු උනත් මට  අනුව නම් යශෝදරගෙයි හේමගෙයි අත්තම්මා "

ඒකට මට ලැබුනේ හිනාවක් විතරයි . ඉතින් ඊට පස්සෙ ඒ කරදරෙත් ඉවර උනා .

ඊලග දේ තමයි  මාස හයක් තිස්සෙ මැරිගන කරපු ප්‍රජෙක්ට් එක ඉවර කරපු එක .ඕකට මැරුන හැටි දන්නෙ මායි ශේනුයි චේතනයි . තණ කොලේ ඉදලා ප්ලෑන් කරලා කරේ ඕක . මහන්සියේ තරමට ප්‍රථිපලත් ලැබුනා කියන සතුට මට තියෙනවා .

පුරුදු විදිහටම සුද්දා ස්කෝලේ ගිහින් තියන කොට ලන්ච් ටයිම් එකේ අර ඩබලත් මගෙ ඔෆිස් රූම් එකට කඩන් වැටුනේ මන් තාමත් ෆයිල් එකක් චෙක් කරන ගමන් නිසා කෝප්පයක් හෝදන්න .ලන්ච් ටයිම් එක උවර වෙලත් පැය භාගයක් වෙන්න එනවා මුන් දෙන්නා මෙතන . හරි ඉතින් අපි තාම කෑවේ නෑනේ .

ට්‍රීං ට්‍රීං !! ට්‍රීං ට්‍රීං !!

ඔෆිස් ලෑන් ලයින් එක රිංග් වෙනකොට මන් චේතනගේ රචනාව නවත්ත ගන්න කියලා ඒක ආන්සර් කරා .

"හෙලො "

"හෙලෝ සර් ..clouds company එකෙන් සර් එක්ක කතා කරන්න ඕනා කියනවා . "

ඒක දිග කතාවක් Where stories live. Discover now