23

929 168 6
                                    


රිදුනු තැන් ජීවිතෙ බෝමා
කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කදුලු බිදුවට
නමක් තියමුද
ආදරේ කියලා

පිසලන්න ඕනෙත් නෑ
සනසන්න ඕනෙත් නෑ
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරි මදිනු ළය මා
ජීවිතේ රිදුනු තැන් බෝමා....

ලං වෙන්න ඕනේත් නෑ
වෙන් වෙන්න ඕනෙත් නෑ
හද ගැහෙන රාවෙට ඇහුන් කන් දුන්නොත්
අපිට අපි දුර නෑ ....

රිදුණු තැන් ජීවිතෙ බෝමා..
කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කදුලු බිදුවට නමක් තියමුද
ආදරේ කියලා...

මන් හිටියෙ ක්ලබ් එකේ ..බීපු බීම වල ආනිසන්ස යි හිතේ දුකයි ඔක්කොම එකතු වෙච්ච රෑක මන් ගිටාර් එකත් එක්ක මගේ වේදනාව දැනෙන්න නොදැනෙන්න පිට කලේ එහෙම ...

සිංදුව ඉවර වෙනවත් එක්කම හතර වටින් ඔල්වර සන් නැගෙනකොට මන් ඉදගෙන හිටපු තැනින් නැගිටලා බෑන්ඩ් එකට ආයෙමත් ගිටාර් එක දිලා වැනි වැනීම බාර් කවුන්ටර් එකට ගිහින් කලින් ඉදන් හිටපු තැනින්ම වාඩි උනේ තවත් ඩ්‍රින්ක් එකක් ඕඩර් කරලා...

" මෙන්න සර් " මගේ ඩ්‍රින්ක් එක මගෙ දිහාවට දික් කරපු බාමර් කොල්ලා ඒ එක්කම මා දිහාවට මේසෙ උඩ තියලා පොතක් තල්ලු කරා..

මන් පොත දිහාවටත් කොල්ලා දිහාවටත් මාටුවෙන් මාරුවට බැලුවෙ මට මූ මේ පොතක් දික් කරගෙන  අදහස් කරන දෙ හිතා ගන්න බැරි නිසා ..බොන්න ඉල්ලපු එකෙක් ට පොතක් දීලා මොකද්ද මේ මූ බලාපොරොත්තු වෙන්නෙ කියන දේ සිහියත් අසිහිය ත් අතර මැද උන්න මොලේට හිතන්න තරම් ප්‍රමානවත් ශක්තියක් තිබ්බෙ නෑ...

කොල්ලා මා දිහා බලලා හිනා උනා ..හිනා වෙලා කලුපාට බැක් පැක් එකක් කරේ දාගෙන යන්න ගියෙ එතන හිටපු අනික් බාමර් ට මොනාද කියන ගමන් ...

මගෙ ඇගිලි වෙව්ලනවා..වෙන මොකටවත් නෙවේ බීලම... දවසක් දෙකක් නෙවේ මාස ගානක්  තිස්සෙ හය පහුවෙනකොට මගේ නවා තැන උනේ මේ ක්ලබ් එක ..කෑමට වඩා මන් කලෙ බොන එක ..කොහොම නමුත් කොච්චර බිව්වත් මේ ශේශාන් තාම කෙලින් ..

මන්  පොතේ නම බැලුවා ...

"කොරලා කාලේ ආලේ "

අනේ මන්දා ...මොන මගුලටද මට මූ මේක දුන්නෙ ..සමහර විට වැරදීමක් වෙලාවත් ද ..

ඒක දිග කතාවක් Where stories live. Discover now