61

878 133 14
                                    


හාදුවෙන් ඈත් උනාට පස්සෙ තමයි තරු පෙනුනේ .  තිබ්බ තරහට මට පෙනුනේ ඩබේ වයි අර අක්කණ්ඩිවයි විතරයි නෙ . දැන් තමයි කිචන් එකේ ඉන්න අනිත් උන් ටික ව පේන්න ගත්තේ . මන් හැරිලා බලනවත් එක්කම එකපාරට කට්ටියට ලොකේ නැති වැඩ පහල උනා . වැඩක් නැතුව  අසරණ  වුණ නේතන්ගේ ලොකු අයියා වහලෙ උලු ගනින හැටි මන් දැක්කා . උලු නෑත් එක්ක සිවිලිමනෙ තියෙන්නෙ .

"ක්.හැම් . මේ මේ මන් සුද්දව බලලා එන්නම් " කට ඇතුලෙන් වගේ කියලා පිලිකුල් විදිහට බලාගෙන හිටපු අක්කන්ඩිටත් දෙකක් රවලා මන් එතනින් පැන ගත්තා.

මොකද්ද යකෝ ඒ කරේ !!

"ආව් ආව්ව් ශේශාන් අයියෙ !! වැඩේ නැගලම යනවා වගෙ " මට ඇහුනා සුදු අයියා කුස්සියේ හෙන පැණි ඇබල කටහඩකින් කින්ඩිය දානවා .

ඉතින් ඕක තමයි දවල් උනේ . අක්කණ්ඩි නම් ඊට ටික වෙලාවකට පස්සෙ ගියා යාලුවෙක් ගෙ පාටි එකක් කියලා . නෙතා බෝලෙව තියලා ගියෙ . කොහොමත් වයින් එකක් ඇරෙන්න මෙයාලා බඩගාන්න බොන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ . හිච්චි අයියන්ඩි තමා එක සොට් එකෙන් ඩව්න් වෙන ඩයල් එකකට ඉන්නෙ .

"ආයෙත් මොන ලෝකෙද අතුරු දහන් උනේ "
ඩබේ මගෙ නහය මිරිකුවා .

"ආයි මනුස්සයො ඉන්න දීපන්කො "
එයා තාමත් උන්නෙ මගෙ ඉණ වටේ අතක් පටලගෙන .මාත් ඉතින් හොදට එයාගෙ ඇගට හේත්තුව දාගෙන පපුව උඩ අත් දෙක තියාගෙන හිටියා .

"ඕයි කටකෑ මුදියාන්සේ ලගෙ කපල් එක!! මෙහෙ වරෙන් තෑගි බලන්න ඕනේ "

චේතා කෑ ගහනවා . ඒව් අක්කණ්ඩි නිසානේ මේ සේරම .

වෙලාව හවස පහ මාරට වගේ . අපි කට්ටිය හිටියේ නත්තල් ගහ වටේ .

මගේ වන දෙබරා නම් වයින් ග්ලාස් එකකුත් අතෙ තියාගෙන පැත්තකට වෙලා ඉන්නවා .

කොහොම හරි එතන වැඩි පුරම තෑගී තිබ්බෙ අපේ සුද්දටයි චූටි නෙතා බෝලෙටයි .

නෙතා බෝලෙට නම් අපි ගත්තේ පොඩි ටෙඩි බෙයාර් කෙනෙක් දුබුරු පාට . කෙල්ල ඒක ට ආස උනා .

චේතටයි ශේන් අයියටයි එකටම පැක් කරලා ටීසර්ට් දෙකක් දුන්නා .

අර අයියා මලෝ තුන්දෙනාටත් එහෙමම එක වගේ ටීසර්ට් තුනක් දුන්නා .

ඒක දිග කතාවක් Where stories live. Discover now