මුලු ගාඩ්න් එකම අන්දකාරයේ ගිලිලා තිබුනත් චූටි චූටි කහපාට බල්බ් වැල් වලින් ඒ අන්ධකාරය වියැකිලා ගිහින් තිබුනේ හරි ලස්සනට . පැත්තක සරසපු ලොකුම ලොකු නත්තල් ගහක් තියෙනකොට ලංකාවෙ ලොකු ලොකු බිස්නස්මන්ලා ගාඩ්න් එකේ තැන් තැන් වල ඉදගෙන ඒ ගොල්ලන්ගේ කතාවල .
කෝ අප්පා මේ වන දෙඹරා . තාම නෑනේ . මගෙ වියපත් බඹරව මන් වන දෙඹරා තනතුර දක්වා උසස් කරන්න තීරනය කරා .
පෝන් එක දිහත් බලලා මන් ආයෙමත් වට පිට බැලුවා . මගේ එහා පැත්තෙන් මිස්ට දිසත් ඉදගෙන වෙලකම් ඩ්‍රින්ක් එක බොනවා .
මාමා මොනා කරනවද දන්නෙ නෑ . ඔලුවත් රිදෙනවා . බඩගිනිත් එක්ක . මන් ආයෙත් වටපිට බලනකොට දැක්කෙ මේකේ අයිති කාරයත් එක්කලා අපි ඉන්න දිහාවට එන වන දෙබරව . මන් නොදැක්ක ගානට ශේප් එකේ අහක බලාගත්තෙ හරියට අර නෑදෑ ගෙදරක ගිහින් බිස්කට් ට්‍රේ එක අරන් එනකොට නොදැක්ක ගානට හැසිරෙන්නෙ අන්න ඒ වගේ .
අන්තිමට ඒ මනුස්සයා මා එක්කත් කතා කරල මිස්ටර් අබේගුණවර්ධන ව මට භාර දීලා යන්න ගියා . නෑ නෑ එහෙම නෙවේ උනේ මේ නැගි එන පුංචි තරුව සීනියර් අබේගුණවර්ධන ට භාර දීලා ගියා . ඔහු යන්න ගියා මැකිලා .. වෙලාවකට අනේ මන් දා මාත් නම් ..
අපි ඉදගෙන හිටියේ ගාඩ්න් එකේ කොනේම ටේබල් එකේ නිසා වැඩිය අපි ව කාටවත් ගානක් නෑ . අර මනුස්සයා ඇහුවත් එක්ක ඇයි අන්ධකාරේ මුල්ලට වෙලා ඉන්නෙ කියලා . මන් කිව්වා මෙතන හොදයි කියලා ඊට පස්සෙ උන්දා ආහා තරුන ලමයිනෙ කියලා යන්න ගියා.
අන්කල්ට කියන්න බැරි උනානේ . අපෙ මිනිහා කියන හැටියට මම වවුලෙක් ය . වවුල්ලු ඉන්නෙ අදුරේය කියලා . අපරාදේ හැබැයි
අපි දෙන්නත් ඉතින් ඔය දෛයිනික ජීවිතේ ගැන කඩින් කඩ කතා බහා කර කර හිටියෙ මිස්ට දිසා ඉන්නකොට ලව් කරන්න බෑනේ ඉතින් .ඒක නිසා .
එයා නම් විස්කි ග්ලාස් එකක් අරගෙන ඇවිත් තිබුනා . මට ඒක දැක්කම මතක් උනේ ඉස්සර මගෙ එක්සෑම් දවස් වල අපි දෙන්නා පරණ ගෙදර පොඩි ඩ්‍රින්ක් එකක් දාපු හැටි . ඒ කාලෙ එහෙමයි කියන්න සම්බන්දයක් නොතිබ්බත් මට හැම වෙලාවෙම මේ මනුස්සයගෙ තනියට මම ඉන්න ඕනෙයි කියලා හිතුනා .