" හරි යශා එහෙනම් මන් ගිහින් එන්නම් "
සතියකට පස්සෙ මල්ලිගෙ කටහඩ ඇහෙනකොට මන් හිටියේ එලියේ තිබුන බෙන්ච් එකේ ..බිස්නස් වලට මීගමු ගිය මල්ලි අද ඩිනර් එකට ආවේ මන් ගැන බලන්නත් එක්කම ..වෙනදා වගේම මන් මගේ පාඩුවේ පැත්තකට වෙලා හිටියා..
" ශේනු"
කලුවරෙ හිටපු මාව මේ වෙනකන් එයාලා දැක්කෙ නෑ ..මට ඕන උනේ ටිකක් නිදහසේ කතා කරන්න ඒකයි ඩිනර් ටේබල් එකේදි වත් මන් කතා නොකලේ ..
" අ..අයියේ "
මන් දන්නෙ නෑ මන් කතා කරාම එයාට මොන වගේ දෙයක් දැනුනද කියලා ..මන් කරේ නැගිටලා ගිහින් මගේ පොඩි එකාව බදා ගත්ත එක ..
" අ..අයියේ " මන් කිව්වෙ මේ ඉන්නෙ මගේ පොඩි එකා බදා ගත්තා විතරයි මාවත් ආපස්සට බදාගෙන ප්ඩි එකෙක් වගේ අඩනවා..
" අයියට සමාව දෙනවද "
නෑ ඒත් උත්තර නෑ තාමත් ඉකි ගහනවා ..
"අඩන්න එපා දරුවෝ "
"ම්..මන්හ්..පාලුවෙන් හ්.හිටියෙහ් "
" ම්ම් ..ආයෙ එහෙම වෙන්නෙ නෑ ..පොරොන්දු වෙනවා "
"අද මෙහෙ ඉන්නවද "
"ම්ම් "
" යන් එහෙනම් ගෙට .. මන් ගේට් එක වහලා එන්නම් " මන් ගේට් එක වහනකනුත් කොල්ලා එලියට වෙලා හිටන් ඉන්නවා .
" කෝ යශ් " මන් කරටත් අත දාගෙන කොල්ලව ගෙට එක්ක ආවේ යශ් හිනා වෙවි ගෙට යනකොට ..
අන්තිමට අඩන බබාව මගෙ ඇදුමකුත් දීලා විශ් රූම් එකට තල්ලු කරා..
මන් හිටියේ අත පය හතරෙන්ම මාව තද කරලා බදාගෙන සැපට නිදාගෙන ඉන්න මගෙ පොඩි එකාගෙ හිසකෙස් අස්සෙන් ඇගිලි යව යව..මට තිබ්බා මන් ගැන නැතත් මූ ගැන වත් හිතන්න ..මගෙ පොඩි එකා .ඇත්තම කතාව නම් ඒජ් ගැප් එක අවුරුදු පහක් උනාට මූ මගේ දරුවෙක් වගේ..සහෝදර බැදීම ඒ සෙනෙහස හරි පුදුමාකාරයි ..වචන කරන්න බැරි තරම් විශ්මිතයි ..
මාස හයක් හිතා ගන්න බැරි තරම් වේගෙකින් ගෙවිලා ගියේ හිතා ගන්න බැරි වේගෙකින් .. හැබැයි ඒ මාස ගානට මට තේරුම් ගියා චූටි කියන්නේ ඉන්නවට වඩා වෙනස්ම චරිතයක් කියන එක ..ඒ කියන්නෙ මාස හයකට කලින් හිටපු කොල්ලා නෙවේ දැන් ඉන්නේ ..