20

1K 191 14
                                    

ආර්‍යන් pov

කිචන් එක අස්සෙ එකම කාල ගෝට්ටියක් හැබැයි ..මේන් චෙෆ් නම් හිච්චි අයියන්ඩි ද කොහෙද ..චේතන නම් ඒ වෙනකොටත් හිච්චි අයියන්ඩි එක්ක ලෙසටම සෙට් වෙලා වගේ ..ඌත් කැරට් කපනවා ...ලොකු සුදු ඩබල ටේබල් එකේ ඉදගෙන අර ඩබලත් එක්කලා කයියක් .මගෙ පිටිපස්සෙ හිටිය බේසික ඇදුරු තුමත් ගිහින් අපේකා ලගින් පැන්ට්‍රි එක උඩින් වාඩි උනේ අරූ මූණ හක්ග ගද්දි ..

මට නම් දැනුනේ පොඩි අවුල් සහගත අපහසු තාවයක් ..ආයෙමත් අර තනි කම ..චේතට නම් අව්ලක් නෑ ශේනාල් සර් , හිච්චි අයියන්ඩි ඌට හොදටම ලගයි වගේ නිසා ..ඒත් චේතාව ඇරෙන්න වෙන එකෙක් වත් එහෙම ලග කමක් වත් , උදේ  මන් නිසා මේ ගෙදර ඇති වුණ කාල ගෝට්ටියත් නිසා , මට දැනුනෙ මූණ දෙන්න බෑ වගේ හැගීමක් , කොහොමත් වරද මගෙ නේ ..අනික මට කතා කරන්න කියලා දේකුත් නෑ ..

දැන් නම් හිතෙනවා කාමරෙන් එලියට ආපු මෝඩ කම කියලා ..

"  වාඩි වෙයන් මල්ලි " සුදු අයියා මාව දැකලා කිව්වම මන් පොඩි හිනාවක් විතරක් දීලා වාඩි උනා..

ඒ ගොල්ලො කියවනවා මන් අහන් ඉන්නවා..නේතන් එහෙමත් නැත්තන් හිච්චි අයියන්ඩි ඇපල් ග්‍රේ එකේ චෙෆ් කෙනෙක් ලු ..ඒ වුනාට දැන් නම් එයාලා කතාවෙන්නෙ ඒ කාලේ  පිටි නාගෙන රොස් කරගෙන උයපු හැටි ගැන ..

මන් ටිකක් වෙලා එතන ඉදලා සාලෙට ආවා..එළියේ වහිනවා දොර ජනෙල් වහාලා නිසා වැස්සෙ සද්දෙ ඇහෙන්නෙ නෑ ..ඒ උනාට සාලෙ පැත්තක තිබ්බ ලොකු වීදුරු ජනේලෙන් වැස්ස පේනවා ..මුලු ගේම අඩ අන්දකාරෙන් පිරිලා ..වැස්සෙ තෙමිලයි ආයේ නාලායි හිටපු මට පොඩි සීතලක් දැනෙනකොට මන් අත් දෙකත් පපුවට බැදගෙන හිටගෙනම ජනේලෙන් එලියෙ වැස්ස වැටෙන දිහා බලන් උන්නා ..

පෝන් එක වත් තිබ්බා නම් සිංදුවක් අහන්න ..එහෙම උනා නම් හිතට දැනෙන මේ වද කාරගතිය නැති කර ගන්න තිබ්බා..

"ඔතනින් ඉදගෙන මේක බොන්න "

මගෙ පිටි පස්සෙන් ඇහුන ගැඹුරු හඩට මන් ගැස්සිලා හැරුනා .. ඩබේ !! එතන හිටියෙ ඩබේ  !! නිකන් නෙවෙ සුදු පීරිසි කෝප්පෙකුත් අතේ තියාගෙන ..

ඒක දිග කතාවක් Where stories live. Discover now