05

1.4K 188 36
                                    

පොඩ්ඩක් ඉදපන් ආර්‍යන් .. දැන් උබ බේසික ඇදුරු තුමාට කිවේ කොහෙ ගියා කියලා ද

ඔහ් ශිට් !!

" නෑ සර් මන් කිව්වේ මේ යාලුවෙක් ගේ මගුල් ගෙයක් "

ස්මයිල් ඉන් පේන්

අන්ධකාරේ මන් 🎶

මන් , කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව මෙච්චර  වෙලා කැහැලා මැරෙන්න හදලා දැන් වාහනෙ ඩ්‍රයිව් කරන සහෝදර බේසිකයා දිහාවටත් බැල්මක් දාලා කිව්වා.

පොඩි එකී සර් ගෙ ඔඩොක්කුවෙ නිදි. බේසික ඇදුරු තුමත් මොන මගුලෙ යනවද මන්දා මේ මහ රෑ අර පොඩි එකීවත් කර ගහ ගෙන . ගෑනිවත් තනි පංගලමෙ දාලා..

"උබලගෙ වයසෙ උන් දැන්ම බදිනවද බන් . අපේ ලොකූ වත් තාම බැදලා නෑ "

ඉතිං මට පාන් ද කියලා අහන්න හිතුනත් මන් කට වහන් හිටියා. 

" යාලුවෙක්ගෙ අයියා කෙනෙක් සර් "

කව්ද මේ කෝල් ගන්නෙ.

මෙච්චර වෙලාම මැසේජ් සීයක් විතර කොටල මගෙන් උත්තර නැති තැන චේතා කෝල් කරනවා..

" හෙලෝ"

" කොහෙද මිනිහෝ ඉන්නේ "
අම්මෝ කනත් එක්ක අගුල් වැටුනා..හෙහ් හේ අබේගුණවර්ධන සහෝදර බේසික යුවල පිටි පස්ස හැරුන විදියෙන් කියත හැකි ඒක එලියටත් ඇහුනා කියලා.

මන් ඒ දෙන්නා එක්කත් හිනා වෙලා . පෝන් එකේ වොලියුම් අඩු කරලා කනෙ තියා ගත්තා.

" එනගමන් "

" එනගමන් !!! එනගමන් , උබට මැසේජ් කීයක් දැම්මද ආ.. සීන් වෙනවා විතරයි රිප්ලයි නෑ.. මහා රෑ මිනිස්සුන්ගෙ ලේ පුච්චන්න එපා යකෝ...උබ ආයේ පලයන්කො බලන්න ඔය මගුලෙ රිංගන්න " අරූ නිකන් කියවනවා පිස්සට හැතැක්ම නෑ වගේ..

බලන්න ඒ ආදරේ ..මගේකා..

" හරි හරි අනේ කෑ ගහන්න එපා අනෙ . අප්පචිට ඇහෙයි " මන් නිකන් මෙතන අප්පච්චි ඉන්නවා වගේ සද්දෙ අඩු කරලා කතා කරේ.

" අප්පච්චි! උබලගෙ අප්පච්චි තමා ඔක්කොටම හපන් තෝව තවත් හුරතල් කර කර . වරෙන්කො ගෙදර අප්පච්චි ලා පුතාලා එක්ක මන් හෙට බලා ගන්නම් "

ඒක දිග කතාවක් Where stories live. Discover now