69 B

810 138 49
                                    

"පුතේ !! " යන්න ගිහිනුත් දොර ගාව නතර වෙච්ච මාමා කතා කරා ."උඹ තනිවෙලා කියලා හිතන්න එපා . උබට ඕන දේකට මන් ඉන්නවා "

එයා ඒක හරි හැගීම්බර විදිහට කිව්වා වෙනකොට .

"ශේශාන් ව මරන්න උනත් ??? " මන් බෙල්ල හරවලා බලන ගමන් ඇහුවා .

"යෝ කොල්ලො . උබට ඕනේ මාවත් මිනි මරුවෙක් කරන්නද ..අනේ ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම් " මාමා පරල වෙලා නොන්ඩි ගගහා යන්න ගියා . 

ඉතින් ඇතතනෙ යකෝ ..ඕනම දෙයක් කියන්නෙ ඕනම දෙයක් ..
.
.

"ලේ කොහෙන්ද මේ ලේ.."බෙඩ් ශීට් එකේ තිබුණ ලේ පැල්ලම් දෙක තුනක් නිසා මන් මගේ අතුත් හරව හරව බැලුවේ තුවාලයක් වත් ද කියලා .

නෑ හැබැයි . සමහර විට මාමගෙ ද දන්නෙ නෑ    .මන් නැගිටිනකොටත් මාමා කාමරේ සම්පූර්ණයෙන්ම අස් කරලා .

"චූටි මහත්තයා ..කොල්ලො නාගෙන වරෙන් කන්න විගහට " ඒ අස්සෙ මාමා පහල ඉදන් කෑ ගහනවා මුලු ගමටම ඇහෙන්න   . අනේ මන් දන්නෙ නෑ ඇයි මේ මනුස්සයා මෙච්චර තරුන වෙලත් නාකි පප්පෙක් වගේ හැසිරෙන්නෙ කියලා . 

පැයක් විතර අරගෙන හොද වොශ් එකක් දාගෙන මන් පහලට ගියා . වොශ් දැම්මට වඩා නම් කරේ කල්පනා කරපු එක .

හ්ම්ම් ..අනේ මන්ද ..මට මෙව්වා කල්පනා කරලම කොයි වෙලේ හරි පිස්සු හැදෙනවා  .

"කෝ උඹේ පෝන් එක "

"ඔය කොහෙ හරි ඇති ..ඔයාගෙ කකුල තාම අමාරුද "

"අව්ලක් නෑ ප්ලාස්ටර් එකක් දාලා තියෙන්නෙ . "

"හ්ම්ම් ..මාමාට ඊයෙ තුවාල උනාද " මන් වාඩි වෙන ගමන් ඇහුවා .

"නෑ ඇයි !! "

"නෑ ශීට් එකේ ලේ තිබ්බා "

මාමා ටික වෙලාවක් මා දිහා බලන් උන්නා .

"අහ් ඒක !! ඇගිලක් චුට්ටක් ගියා වීදුරු කටුවකට "
.
.
.
.
.

පාන් ගෙනත් පරිප්පු හදලා .

වෙලාව උදේ එකොලහයි අපි දැනුයි උදේට කන්නෙ . අනේ ඉතිම් යසයි දවල්ට කන්න වෙන්නෙ හතරට තමයි.

.
.
.
.
.

"කොහෙ යන්න ද උඹ ඔය "

"මීටින් එකක් "

ඒක දිග කතාවක් Where stories live. Discover now