12

1K 180 12
                                    


" මොනාද ඔය මල්ලක් උස්සන් ඉන්නෙ " ඩබේ ට හොදින් කතා කරලා පුරුද්දක් ඇත්තෙම නැද්ද මන්දා ....

ඒ පොඩි එකාටත් සැර දානවා...

" ආ..අද මට හවස වැඩ තිබ්බේ නැති නිසා මන් පොඩි පොඩි දේවල් ටිකක් හැදුවා.."

" වැඩ ඉවර නම් ගෙදර යන්න එපැයි "

ඩබේ රවනවා..

" ඔයා එනවා කිව්ව් නිසා උන්නේ "
බලන්නකො ඒ ආදරේ...මේ මිනිහට අගයක් නෑ..ඩබේ ගේද දන්නේ නෑ..මේ කොල්ලට නම් කොහොමත් කෙල්ලො සෙට් වෙන්නෙ නැති හුරතල් පෙනුමක් තියෙන්නෙ .. ස්කෝලෙ යන්නෙ නැතුව වැඩට යනව වත් ද..ආ නෑ අද ඉරිදනෙ ...

අදත් ගෙදර ගිය ගමන් නිදා ගන්න ඕනේ...අප්පච්චිත් ගෙදරනේ...ඕහ් හරි රස්නෙයි අප්පා ...

මන් අතින් නලල පිහා ගත්තා...මට නලලෙ මගේ කට වටේ දාඩිය බිංදු තියෙනවා වගේ තෙරුනා ...

" ආරූ ?? " චේතන මට කතා කරේ මන් දගලන නිසාද කොහෙද...යකො ඒසී එකත් තිබිලත් මට රස්නෙයි නේ...

"නෑ බන් ටිකක් රස්නෙයි " මන් මිමුණුවා ...

" චේතන .. මොකද්ද ප්‍රශ්නේ පිටි පස්ස බලන කන්නඩියෙන් අපි දිහා බලලා ඇහුවා..

" නෑ සර් ...ටිකක් රස්නෙලු...මන් හිතන්නෙ උණ බහින නිසා.."

" ම්ම් " ඩබේ මිමුණුවා ...මුමුණන්න විතරයිදන්නේ ඕකා..බස්සා..

"වතුර නැද්ද බන් "

"ආ.. ඉදපන් " චේතා බෑග් එකෙන් වතුර බෝතලයක් අරන් දුන්නාම මන් බිව්වා...

" මල්ලි ඔය ශර්ට් එක තව ටිකක් පාත් කර ගන්න ...හුලන් වදින කොට ඔය ගතිය ඇරිලා යයි "

ඒ තමයි එයා මා එක්ක කතා කරපු පලවෙනි වතාව වාහනේට නැග්ගත් හරි..ඒත් මල්ලි කියලා නේ ද කිව්වෙ...

"ආ..හරි " මන් පොඩි හිනාවක් දුන්නා..මන් සාමාන්‍ය යෙන් අදුරන්නෙ නැති මිනිස්සුන්ට හිනාවක් වත් නොදෙන කෙනෙක් උනත් මන් එයාට හිනාවක් දුන්නා..

ඒ කොල්ලා හරි ලස්සනයි..මෙහෙමයි එයාගෙ මූණේ කුරුලෑ කැලැල් වගේ තිබුනත් ඒ කැලැල් එයාව ලස්සන කරා..තිබ්බෙ හරි අහින්සක ඇස් දෙකක් ...

ඒක දිග කතාවක් Where stories live. Discover now