77/

817 141 41
                                    

sheahan pov

" මොකද උඹ කරන්නෙ "

"කොත්තුවක් ගහන්න යන්නෙ "

"කොත්තු ??"

"ඔව් ඇයි මොකද " ශේනු පිහියත් අරගෙන කප කප හිටපු එක පැත්තකට දාමා මගෙ පැත්ත හැරුනා .

"නෑ හදිස්සියෙ ම  !කාටද කොත්තු ඕනෙ වෙලා තියෙන්නෙ "

"හදිස්සියක් නෑ  . නිකන් උබෙ වයිපරෙත් කැමතීනේ "

අහ් !! එහෙනම් ඒකයි මේ ... සාමාන්‍යයෙන් මේකට උයන්න පුලුවන් උනාට වස කම්මැලියෙක් . මට බැරි දවසට විතරයි මූ කිචන් එක පැත්ත පලාතට යන්නෙත්  . මන් ඒත් බැලුවා මොකද මිනිහා එක පාරටම මේ කියලා .

මෑන්ට මගෙ වයිපරේට උදේ සද්දේ දාපු එක ට අවුල් වගේ ..

තියෙන මහන්සියට මාත් වොශ් එකක් දාගෙන කොල්ලගෙ එහා පැත්තෙන්ම ඇදට වැටුනා .

ආයෙ නැගිටිනකොට නම් කොල්ලා හිටියේ නෑ ඇදේ .

මන් නැගිටලා මූණ කට හෝදගෙන එලියට යනකොට පොඩි උන් කාටුන් බලනවා .

පොඩි උන් කිව්වෙ ඉතින් සුද්දයි නෙතාන්‍යා යි චේතනයි යශෝදර යි . අනෙ ඉතින් කාට කියන්නද මේවා.

නෙතාන්‍යාට නම් යශෝදර ගෙ පපුව උඩම නින්ද ගිහිල්ලා  . අනිත් උන් ටික ඇස් කටේ දාගෙන ටිවි එක් ගිලින්න හදනවා .

"අහ් !! අයියා නැගිට්ටද "
මාව දැකපු චේත් මා එක්ක හිනා වෙනකොට යශෝදර නම් මාව දැක්කෙ නෑ වගේ හිටියා .

හ්ම්ම් ! තාම සමාව දීලා නෑ වගේ මගෙ වවුල් පැටියා .

"ඕයි අයියට තේ එකක් වත් හදලා දීපන් "

චේතන යශෝට වැලමිටෙන් ඇනලා රහසින් කියනකොට කොල්ල චූටි මැණිකෙවත් උස්සගෙන්ම නැගිට්ටා .

මන් ලගට ඇවිල්ලා කිසි කතාවක් නැතුව මට චූටි එකීව දීලා එයා කිචන් එක පැත්තට ගියේ පොඩි එකී මගේ පපුව අස්සට ගුලි වෙනකොට .

කැරලි කැරලි කොන්ඩේ ඔක්කොම උඩට කරලා ගෙඩියක් හදලා බූලක් දාලා තිබුනට මොකද කොට කොන්ඩ කැරලි කීපයක්ම් බූලට අහුවෙන්නෙ නැතුව එලියට පැනලා . පොඩි කලිසන් කොටයක් විතරක් ගහගෙන රෝස පාට තොල් දෙකත් උල් කරගෙන හොද සැපට නිදි. මන් චූටි එකීගෙ පිටට තට්ටුවක් දදා එකම එක මනුස්සයෙක් නිසා මගේ ජිවිතේ වෙනස් වෙලා ගිය හැටි ගැන කල්පනා කරා . ඇත්තටම බැලුවොත් මගෙ දරුව අද මෙහෙම මගෙ ලග ඉන්න වක්‍රාකාරව හරි හේතූ උනේ යශෝදර නෙවෙයිද  . මෙච්චර දවසක් කුඩම්මා ලග ඔලුව පහත් කරගෙන හිටපු මම ඔලුව ඉස්සුවෙ යශෝදර නිසා නෙවෙයිද .

ඒක දිග කතාවක් Where stories live. Discover now